Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කාන්තා කණ්ඩායමේ 3 කට කොරෝනා
කාන්තා ලෝක කුසලාන ක්‍රිකට්

කාන්තා කණ්ඩායමේ 3 කට කොරෝනා

editorial - 2021 නොවැ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රොෂාන් ගුණරත්න)

කාන්තා ලෝක කුසලානය සුදුසුකම් ලබාගැනීමේ තරගාවලියට සහභාගිවීම සඳහා මේ වනවිට සිම්බාබ්වේහි සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩිකාවන් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ. අද (21 වැනිදා) දින සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණයකදී ක‍්‍රීඩිකාවන් තිදෙනෙකුගේ ප‍්‍රතිඵල පමණක් ධනාත්මකවී ඇති අතර අනෙක් ක‍්‍රීඩිකාවන්ට සහ සහයක කණ්ඩායමට වයිරසය ආසාදනයවී නොමැත.

කොරෝනා ආසාදිත කී‍්‍රඩිකාවන් මේ වන විට නිරෝධායනයට යවා ඇති බවත්, සෙසු කී‍්‍රඩිකාවන් තරගාවලියට සූදානම් වෙමින් සිටින බවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා තහවුරු කළේය.

අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ නව තරග නීතී සහ රෙගුලාසි වලට අනුව කොරෝනා වයිරසය ආසාදනය වූවන් වෙනුවට වෙනත් ක‍්‍රීඩිකාවන් ආදේශ කිරීමට අවස්ථාව ඇත. ඒ අනුව මේ වනවිටත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ කළමණාකාරීත්වය විසින් ඒ සඳහා අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවෙන් ඉල්ලීමක්ද කර ඇත.

කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ අදියරේ පළමු තරගයට එළඹෙන 23 වැනිදා සහභාගිවන ශ්‍රී ලංකා කණ්ඩායම එදින නෙදර්ලන්තයට එරෙහිව තරග වැදීමට නියමිතය. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව 27 වැනිදාත්, අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව 29 වැනිදාත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදිනු ඇත.

ඇමරිකා එක්සත් ජනපද කණ්ඩායමට එරෙහිව පසුගියදා පැවැති පුහුණු තරගයකදී ලකුණු 200 ක විශිෂ්ට ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩිකාවෝ සමත්වූහ.

 


අදහස් (0)

කාන්තා කණ්ඩායමේ 3 කට කොරෝනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.