Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි (නොදැවී 117) සහ නායක ජෝ රූට් (නොදැවී 84) දෙදෙනා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක්කළ ලකුණු 193 ක සම්බන්ධතාව හේතුවෙන් හිස් ඔසවාගත් එංගලන්ත කණ්ඩායම ඇන්ටිගුවා හි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට ලකුණු 153 ක වාසියක් අත්කරගෙන සිටියේය. මුල් ඉනිමේදී ලකුනු 64 ක අවාසියකට මුහුණ දුන් නමුත් එංගලන්ත කණ්ඩායම, සිව්වැනි දිනය වූ සිකුරාදා ක්‍රීඩාව නතර කරන විට, සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 217 ක් ලබා සිටියේය.
ධාරාණිපාත වර්ෂාවක් හේතුවෙන් සිකුරාදා පස්වරුවේදී තරගය අතහැර දමන්නට සිදුවිය. මෙම වර්ෂාව නිසා ඕවර 23 ක් අපතේ නොගියේ නම් අවසන් දිනයේදී වඩාත් උද්වේගකර තරගයකට පිවිසීමට එංගලන්ත නායකයාට අවස්ථාව තිබිණ. වර්ෂාව හේතුවෙන් දැනට මෙම තරගයේදී අපේක්ෂා කළ හැකි තීරණය ජය පරාජයකින් තොර අවසානයකි.
එසේ වුවත් එංගලන්ත පිතිකරුවන් කියන්නේ සෙනසුරාදා දිනයේදී ජයග්‍රහණය සොයා යාම තමන්ගේ අපේක්ෂාව බවයි.
කොදෙව් පිතිකරුවන්ගේ ගොළුබෙළි ගමන හේතුනේ තරගය මෙවන් නීරස තත්ත්වයකට පත්වූයේය. මුල් ඉනිමේදී ලකුණු 375 ක් ලබාගැනීමට ඕවර 158 ක් නාස්තිකර දැමූ කොදෙව්වෝ තුන්වැනි දිනයේදී යැවුණු ඕවර 92 කන් ලබාගත්තේ ලකුණු 173 කි. එහෙත් එංගලන්ත පිතිකරුවෝ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකින් සිය දෙවැනි ඉනිමට අවතීර්ණ වූහ.
දෙවැනි ඉනිම ආරම්භයේදීම, කෝඩුකාර පිතිකරු ඇලෙක්ස් ලීස් දැවී ගියත්, ඉතා ඉක්මනින් සිය මුල් ඉනිමේ අවාසිය මකාදැමූ සැක් ක්‍රෝලි සහ ජෝ රූට් දෙදෙනා කඩුල්ලේ රැඳී සිටීමට වඩා ලකුණු රැස්කිරීමට උනන්දු වූහ. සිය පා ඉන්න පැත්තෙන් වැඩි ලකුණු සංඛ්‍යාවක් ලබාගත් සැක් ක්‍රෝලි පිට ඉන්නට එපිටින් එන පන්දු වලටද අත දිගහැර සංග්‍රහ කළේය. ඔහුගේ ශතකය සම්පූර්ණ වූයේ පන්දු 181 කිනි.
දිගු ඉනිම කරා යාමට හපනෙකු වන ක්‍රෝලිගේ මුල්ම ශතකය පාකිස්තානු පිලට එරෙහිව සදම්ටන්හිදී ලබාගත් ලකුණු 267 කි. එහෙත් එතැන් සිට, සිකුරාදා ශතකය ලබාගන්නා තුරු, ඉනිම 21 කදී ක්‍රෝලි ලබා සිටියේ ලකුණු 330 කි.
එංගලන්තය - පළමු ඉනිම 311 යි
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 375 යි
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 217 යි
(සැක් ක්‍රෝලි නොදැවී 117 යි, ජෝ රූට් නොදැව 84 යි)
(ඡායාරූපය - රොයිටර් අනුග්රහයෙනි)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.