Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද සාජා සිට..)
ඇෆ්ඝනිස්ථානය එරෙහිව ලකුණු 130 ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්ථාන කණ්ඩායමේ නමවැනි කඩුල්ලත් 18 වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී බිඳවැටිණ. පන්දු 8 කදී හයේ පහර 2 ක් සමග ලකුණු 16 ක් ලබා සිටි අසීෆ් අලී එහිදී ෆරීඩ් අහමඩ්‍ගේ පන්දුවක් හමුවේ ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි කරීම් ජානට් අතට උඩ පන්දුවක් දෙමින් දැවී ගියේය.
අසීෆ් දවාගැනීමෙන් අනතුරුව සතුට සමරමින් ඔහු වෙත ගිය ෆරීඩ්ට ඒ මොහොතේදී බලාපොරොත්තු නොවූ සිදුවීමකට මුහුණ දීමට සිදුවිය. එහිදී ෆරීඩ් සමග බහින් බස්වීමක් ඇති කරගත් අසීෆ්, වෙරක ෆරීඩ්ව පසුපසට තල්ලු කළ අතර තවත් වරෙක සිය පිත්ත ඔසවා ෆරීඩ්ට පහරදීමට සැරසුනේය.
කෙසේ වුවත් එම අවස්ථාවේදී ඔවුන් දෙදෙනා අසලට දිව ආ අස්මතුල්ලා ඔමර්සායි ඇතුළු ඇෆ්ඝනිස්ථාන ක්‍රීඩකයෝ, ඔවුන් දෙදෙනා දෙපසකට කරමින් තත්ත්වය සමතයට පත් කළහ. එහෙත් එම සිදුවීම කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් මෙන්ම තරගය නරඹමින් සිටි ක්‍රීඩාලෝලීන්ද කුපිත කරවන සිදුවීමක් බවට පත්විය විය.
අවසන් ඕවරයේ පළමු පන්දු දෙකේදී හයේ පහර 2 ක් මගින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමෙන් පසුව පාකිස්තාන කණ්ඩායමේ 10 වැනි පිතිකරුවා වූ නසීම් ෂා, සිය හිස්වැසුම සහ අත් ආවරණ ගළවා විසි කරමින් ඉතා ආවේගශීලි අයුරින් ජයග්‍රහණය සැමරීම ඊට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය.
අසීෆ් - ෆරීඩ් ගැටුමේ තවත් අතුරු ප්‍රතිඵලයන් ලෙස තරගයෙන් අනතුරුව පාකිස්තාන සහ ඇෆ්ඝනිස්ථාන නරඹන්නන් අතර ක්‍රීඩාංගණය තුළදී මෙන්ම ක්‍රීඩාංගණයෙන් පිටතදීද විවිධ ගැටුම් ඇතිවිය. එහිදී ඇතමුන්, ක්‍රීඩාංගණයේ සවිකර තිබූ ප්ලාස්ටික් අසුන් ගලවා සිය ප්‍රතිවාදීන් වෙත විසිකරමින් කලහකාරී ලෙස හැසිරුණ අයුරුද දැකගත හැකි විය.
කෙසේ වුවත් තරගයෙන් අනතුරුව සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රීඩක අසීෆ් අලී කියා සිටියේ එම සිදුවීම සම්බන්ධයෙන් තමා ෆරීඩ්ගෙන් සහ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමෙන් සමාව අයද සිටින බවත්, ඒ මොහොතේ ෆරීඩ් දවාගැනීම සැමරූ ආකාරය තමාව එසේ කිරීම සඳහා අසරණ කළ බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.