Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ආසියානු කුසලාන තරගාවලිය සඳහා තෝරා ගන්නා ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ තුවාලකරුවන්ගේ ලයිස්තුව අනපේක්‍ෂිත අයුරින් දීර්ඝ වීම හේතුවෙන් අතිරේක ක්‍රීඩකයන්ගේ තිදෙනකුගේ ලයිස්තුවක් සකස් කිරීමට සිදුවී තිබේ. වේග පන්දු යවන ක්‍රීඩකයන් වරින් වර විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වීම සාමාන්‍ය දෙයක් වූවත්, මෙම අතිරේක ලයිස්තුවේ සිටින ක්‍රීඩකයන් තිදෙනාගෙන් දෙදෙනෙක් පිතිකරුවෝ වෙති.
දිනේෂ් චන්දිමාල් සහ නුවනිඳු ප්‍රනාන්දු පිතිකරුවෝ දෙදෙනා වෙති. දුෂ්මන්ත චමීර තුවාල ලැබීම හේතුවෙන් කණ්ඩායමට කැඳවන ලද නුවන් තුෂාර තුන්වැනි අතිරේක ක්‍රීඩකයාය. දුෂ්මන්තගේ වම් පාදයේ කළව මස්පිඬුව ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ආසියානු කුසලාන තරුගාවලිය අහිමි වෙයි.
ශ්‍රී ලංකා පිලට කලින් තෝරාගන්නා ලද බිනුර ප්‍රනාන්දු සහ කසුන් රාජිත යන දෙදෙනාම තුවාල ලැබීම හේතුවෙන් මේ වන විටත් ඔවුන් වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයන් ආදේශ කරනු ලැබ සිටිති.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (22 වැනිදා) සවස තහවුරු කළේ අතිරේක ක්‍රීඩකයන් තිදෙනා නොමැතිව, ක්‍රීඩකයන් 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් පමණක් ආසියානු කුසලාන තරගාවලිය සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය කරා යන බවයි. කණ්ඩායමේ අවශ්‍යතාව අනුව පමණක්, අතිරේක ක්‍රීඩකයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පියාසර කරනු ඇත.
ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ගුවන් ගමන් බහුළ වීමත් ගුවන් ගමනක කාලය සාපේක්‍ෂව අඩුවීමත් ඊට ප්‍රධානතම හේතුව බවද කියැවේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.