Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් තේරීම් කමිටුවට නාමයෝජනා කැඳවීම පත්තර දැන්වීම් මගින්

ක්‍රිකට් තේරීම් කමිටුවට නාමයෝජනා කැඳවීම පත්තර දැන්වීම් මගින්

editorial - 2022 නොවැ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා නාමයෝජනා කැඳවීම මින් ඉදිරියට පුවත්පත් දැන්වීම් මගින් සිදු කරන බව ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අර්ජුන රණතුංග මහතා එහිදී හිටපු මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් ඕනෑම අයෙකුට තේරීම් කමිටුව සඳහා සිය නාමයෝජනාව ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසෙන බවත් පැවසීය.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සම්බන්ධීකරණයෙන් පුවත්පත් දැන්වීම් මගින් ක්‍රිකට් තේරීම් කමිටුවට නාමයෝජනා 10ක් නිර්දේශ කර ගැනීමට කටයුතු කෙරේ.

එයින් සුදුසුම නාමයෝජනා අවම පහක් පත් කෙරෙන ක්‍රිකට් තේරීම් කමිටුව සඳහා ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතියෙන් තෝරා ගැනේ. ක්‍රිකට් තේරීම් කමිටුවට වඩාත් සුදුස්සන් පත් කර ගැනීම නව ක්‍රමයේ අභිලාෂය වන බව අර්ජුන රණතුංග මහතා පවසයි.

ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් වත්මන් ක්‍රිකට් කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ රොමේෂ් කළුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න, වරුණ වරාගොඩ, එස්.එච්.යූ. කර්නයින් යන මහත්වරුන් හා නිල්මිණි ගුණරත්න මහත්මියයි.

නව ක්‍රිකට් තේරීම් කමිටුවක් සඳහා නාමයෝජනා කැඳවන බව ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා නොබෝදා ප්‍රකාශ කර සිටියේය.

මේ අතර මාධ්‍ය හමුවේදී අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වෙමින් සිටියදී කාන්තාවක් අතවරයට ලක් කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක නිදහස් කර ගැනීම සඳහා ජාතික ක්‍රීඩා සභාවේ සහයෝගය හිමි වන බවයි.


අදහස් (0)

ක්‍රිකට් තේරීම් කමිටුවට නාමයෝජනා කැඳවීම පත්තර දැන්වීම් මගින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.