Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් තරගාවලිය 18 දා දෙහිවලදී

ක්‍රිකට් තරගාවලිය 18 දා දෙහිවලදී

editorial - 2023 අගෝ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බුද්ධිමය දුබලතා සහිත අය සඳහා වන ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධානය කරනු ලබන බුද්ධිමය ඌනතා සහිත දරුවන් සඳහා වන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා පැවැත්වෙයි. එදින උදෑසන 8.30 ට ආරම්භ වන තරගාවලිය, දවස පුරා, දෙහිවල එස්.ද.එස්. ජයසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. 

කණ්ඩායම් 10 ක් සහභාගි වන මෙම තරගාවලිය, එක පිලකට ඕවර 8 ක් බැගින් වූ තරගාවලියකි. එක පන්දු යවන්නකුට උපරිම වශයෙන් යැවිය හැක්කේ ඕවර 2 කි. කිසියම් පිතිකරුවකු ලකුණු 15 ක් ලබාගත් සැණින්, තවත් පිතිකරුවකුට අවස්ථාව දී, ඔහු ක්‍රීඩා පිටියෙන් ඉවත් වී යා යුතුය. 

පළමු වටයේදී තරග 5 ක් පැවැත්වෙන අතර ජයග්‍රාහකයන් 5 දෙනාගෙන් හොඳම ශූද්ධ ලකුණු වේගය සහිත කණ්ඩායම් හතර අතර අවසන් පූර්ව වටය පැවැත්වෙයි. 

තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
ගාල්ල සම්බෝධි, බද්දේගම ලෝටස් හිල්, මහනුවර බ්ලූ රෝස්, ගල්කිස්ස සුමග, කැස්බෑව දිදුළන දරු පියස, තිහාරිය ඉස්ලාමීය ආබාධිත ආයතනය, නුගේගොඩ - මාදිවෙල පිරිමි ළමා නිවාසය, ජා ඇල නිසංසල, පෑළියගොඩ විශේෂ ළමා අධ්‍යාපන පදනම සහ මිනුවන්ගොඩ සිත් සහන 

- 213


අදහස් (0)

ක්‍රිකට් තරගාවලිය 18 දා දෙහිවලදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.