Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ක්‍රීඩාව ලෝ පුරා පතුරවනවා - ශ්‍රීනිවාසන්

ක්‍රිකට් ක්‍රීඩාව ලෝ පුරා පතුරවනවා - ශ්‍රීනිවාසන්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ රටවල් සංඛ්‍යාව වැඩිකරමින් එය ලෝකය පුරා ව්‍යාප්ත කිරීමට තමන්ගේ උපරිම ශක්තිය යොදවන බව අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නව සභාපතිවරයා ලෙසින් පත්වූ නාරායන්ස්වාමි ශ්‍රීනිවාසන් මහතා කියයි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ පාලනය ලෝක ක්‍රිකට් බලවතුන් වන ඉන්දියාවල එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතට පත්කරමින් සිදුවූ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයෙන් පසුව එහි ප්‍රධානියා බවට ශ්‍රීනිවාසන් මහතා පත්විය.
 
‘අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ප්‍රධාන තනතුරට පත්වීම මා ලද ගෞරවයක්‘‘ යයි 69 හැවිරිදි කර්මාන්ත ශාලා හිමියකු වන ශ්‍රීනිවාසන් මහතා නව තනතුරට පත්වීමෙන් පසුව පැවසීය. මෙම තනතුරට පත්වීම සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සාමාජිකයන් 52 දෙනාගේ අනුමැතිය ඔහුට ලැබිණ.

ක්‍රිකට් ක්‍රීඩාවේ මහා බලවතකු ලෙස නිරතුරුවම හැඳින්වීමට ලක්වූ ශ්‍රීනිවාසන් 2011 දී ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිධුරයට පත්විය. නමුත් මාර්තු මාසයේ දී ඔහුගේ බෑනනුවන් අයි.පී.එල්. තරග මුදලට පාවාදිමේ සැකකරුවකු වීමෙන් පසුව ශ්‍රීනිවාසන්ට ද සිය තනතුරෙන් ඉවත්වීමට බලපෑම් එල්ල විය.
 
ඔහුට අයත් ඉන්දියා සිමෙන්ති සමාගමට අයි.පී.එල්. කණ්ඩායමක හිමිකාරකත්වය ඇති බැවින් මේ චෝදනාවලට ඔහුගේ නමත් ගෑවි තිබිණි. මෙවැනි චෝදනා එල්ලවීමත් සමග ඔහුගේ තනතුර අභයෝගයට ලක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ නව සභාපතිවරයා ලෙස ශ්‍රීනිවාසන්ගේ පත්වීමට එරෙහිව ඉන්දියා උපරිමාධිකරණයේ වාරණ නියෝගයක් ලබාදෙන්නැයි ඉල්ලා එක්තරා නිලධාරියකු උසාවි ගියේය.

‘මට විරුද්ධව එල්ලවුණු ඇතැම් චෝදනා ඉතා අසාධාරණයි. ඒවා කරුණු සොයා නොබලා එල්ල කළ චෝදනාවන්ග මගේ වැඩවලින් මාව විනිශ්වය කළ හැකියි. මම තවම පත්වුණා විතරයි. බලන්නකෝ මම අයි.සී.සී. යේ මොන වගේ වෙනස්කම් ද කරන්නේ කියලා.‘ යයි ශ්‍රීනිවාසන් නව තවතුරට පත්වීමෙන් පසුව මාධ්‍ය නියෝජිතයන්ට පැවසීය.

තමා ඉන්දියා ක්‍රිකට් සභාපති තනතුරෙන් ඉවත්වූයේ ස්වේච්ඡාවෙන්ම බව ඔහු පැවැසීය.

‘නව තනතුර බාර ගැනීම ගැන දෙපාරක් හිතන්න තරම් මම වැරැදි මොකුත් කරලා නෑ.‘ඔහු වැඩි දුරටත් කීවේය.

දැනට ටෙස්ට් මට්ටමේ කණ්ඩායම් 10ක් අතර පමණක් විහිදී ඇති ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාප්ත කරමින් ලොව පුරා ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන  රටවල් සංඛ්‍යාව ඉහළ දැමීමට මුල් තැන දෙන බව ඕස්ට්‍රේලියාවේ පැවැති රැස්වීමෙන් පසුව ශ්‍රීනිවාසන් කීවේය.

‘මට ඕනා කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් ශක්තිමත් කණ්ඩායම් දකින්නයි. මේක සාර්ථක කරගන්න අපි හැමෝටම අපේ රටවල්වල ක්‍රිකට් සංවර්ධන කටයුතු ගැන මහන්සිවෙලා වැඩ කරන්න වෙනවා.‘ ඔහු වැඩි දුරටත් එසේ කීවේය.

අයි.සී.සී.යේ තවත් තනතුරු කිහිපයක වෙනස්කම් සිදුකරමින් බංග්ලාදේශයේ මුස්තෆා කමාල්ට පරිපාලන කමිටුවේ සභාපති තනතුරදල නව විධායක  කමිටුවේ සභාපතිධුරය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ සභාපති වොලී එඩ්වඩ්ස්ට ද පැවරූ බව අයි.සී.සී.ය නිවේදනය කළේය. එංගලන්ත ක්‍රිකට් ප්‍රධානී ජයිල්ස් ක්ලාක් තව දුරටත් අයි.සී.සි.යේ මුදල් හා වෙළෙඳ කටයුතු කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනු ඇත.


අදහස් (1)

ක්‍රිකට් ක්‍රීඩාව ලෝ පුරා පතුරවනවා - ශ්‍රීනිවාසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.