Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් ආයතන මහ සභාව නීත්‍යානුකූලයි-ලේකම් මොහාන් ද සිල්වා

ක්‍රිකට් ආයතන මහ සභාව නීත්‍යානුකූලයි-ලේකම් මොහාන් ද සිල්වා

editorial - 2019 මැයි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මහ සභාව සම්පූර්ණයෙන් නීත්‍යානුකූල බවත්, 2017 වසරේ ගිණුම් වාර්තා සහ රැස්වීම් වාර්තාව සම්මත කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 58 වැනි වාර්ෂික මහ සභාව ක්‍රිකට් මූලස්ථානයේදී ඊයේ (11) පෙරවරුවේ පැවැත්විණි.

කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපති සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයකු වන නිශාන්ත රණතුංග මහතා මෙම මහ සභාව නීති විරෝධී යැයි පවසමින් ඉවත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී පැවසුවේ කීපදෙනෙකු ඉවත්ව ගිය ද මහ සභාව පැවැත්වූ බවයි.
 
“මෙම සභාව පැවැත්වූයේ 2017 ගිණුම් සම්මත කිරීම සහ විධායක කමිටුවේ පුරප්පාඩු වෙලා තිබූ තනතුරුවලට නිලධාරින් පත්කර ගන්නයි. අපි එම ගිණුම් සම්ම්ත කළා. ඒ වගේම පුරප්පාඩු පිරෙව්වා. අපි පත්වුණේ 2018 වසරේ පෙබරිවාරි මාසෙ 21 වැනිදා. අපිට ඒ අවුරුද්දෙ ගිණුම් වාර්තා දැම්ම දෙන්න බෑ”

“ඔය කියන අයට නීති විරෝධී වෙන්න පුළුවන්. නමුත් අපිට නීති විරෝධී නෑ. සාමාජිකයන් වැඩි සංඛ්‍යාවක් රැස්වීමට සහභාගි වුණා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.
 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාවට අනුව 2018 වසරේ ගිණුම් වාර්තා මහ සභාවට දින 14කට පෙර සාමාජිකයන්ට ලැබිය යුතු වුවද ගිණුම් වාර්තා ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් මෙම මහ සභාව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පවසමින් එහිදී නිශාන්ත රණතුංග මහතා ඇතුළු කීපදෙනෙක් පිටවත් ගිය බව වාර්තා වේ.

වර්තමාන උප සභාපතිවරයකු වන කේ. මතිවානන් මහතාද මෙහිදී රැස්වීමෙන් ඉවත්ව ගිය බව වාර්තා වේ.
මෙම මහ සභාවේදී ක්‍රිකට් නිලවරණයෙන් පත්නොවූ කමිටු කීපයකටද නිලධාරීන් පත්කරගෙන තිබේ.  


අදහස් (0)

ක්‍රිකට් ආයතන මහ සභාව නීත්‍යානුකූලයි-ලේකම් මොහාන් ද සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.