Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලීමක්

ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලීමක්

සංජය එරමුදුගොඩ - 2018 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉදිරි නිලවරණය නියමිත පරිදි පෙබරවාරි මස 7 වැනිදා පැවැත්වීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර ඇති මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායම් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය පසුගිය මැයි මස පැවැත්වීමට නියමිතව තිබූ බවත් නීතිමය ප්‍රශ්නයක් මත එය පැවැත්වීමට නොහැකිවූ බවත් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය වසරේ ඔක්තෝබර් මස 5 වැනිදා ක්‍රිකට් පරිපාලය සඳහා නිසිබලධාරියකු පත්කළ බවත් එම ලිපියේ සඳහන් වේ.

එම මාස හයක පමණ කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අගතියක් වූ බවත් නිලවරණයක් පවත්වා නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව ලබන පෙබරවාරි මස 9 වැනිදා දක්වා පමණක් කාලය ලබාදී ඇති බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

ඒ හේතුවෙන් මේ වන විට නාමයෝජනා කැඳවා ඇති නිලවරණය නියමිත පරිදි පෙබරවාරි මස 7 වැනිදා පවත්වන ලෙස මොහාන් ද සිල්වා මහතා ඇතු`ඵ පිරිසකගේ අත්සනින් යුත් ලිපියේ වැඩි දුරටත් සඳහන් වේ.

‘මොහාන් ද සිල්වා’ පාර්ශවය මේ පිළිබඳව කරුණු දැක්වීමට ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ද බලාපොරොත්තුවෙන් සිටියි.


අදහස් (0)

ක්‍රිකට් නිලවරණය පවත්වන්නැයි ක්‍රීඩා ඇමතිගෙන් ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.