Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රිස්තුරාජ විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ක්‍රිස්තුරාජ විදුහලට කඩුල්ලක තියුණු ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II කොටසේ තරගයකදී කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට ජාඇල ක්‍රිස්තුරාජ විදුහල පෙරේදා (10 වැනිදා) සමත්විය. මෙම තරගය ජාඇල ක්‍රිස්තුරාජ විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

තුන් ඉරියව් ක්‍රීඩක සෙනන් ගොඩැල්ලගේ (52) අර්ධ ශතකයක් සහ කඩුලු 3 ක් දවාගනිමින් කොළඹ ආනන්ද විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූ අතර අභිෂේක් ජයවර්ධන (50) අර්ධ ශතකයක් ලබාගත්තේය.

ඉසුරු ලක්ෂාන් සහ මලින්ද පෙරේරා කඩුලු 3 බැගින් දවාගනිමින් ක්‍රිස්තුරාජ විදුහල් කණ්ඩායම වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ආනන්ද විදුහල - ඕවර 36 කදී සියලුදෙනා දැවී 168
(සෙනන් ගොඩැල්ලගේ 52, අභිෂේක් ජයවර්ධන 50, ඉසුරු ලක්ෂාන් 16/3, මලින්ද පෙරේරා 22/3)

ක්‍රිස්තුරාජ විදුහල - ඕවර 42.3 කදී කඩුලු 9 ක් දැවී 170
(මලීෂ ගුණවර්ධන 28, ශිනාල් කාවින්ද නොදැවී 27, රොෂාන් ද මෙල් 23, ඉසුරු ලක්ෂාන් 21, සෙනන් ගොඩැල්ලගේ 49/3, අභිෂේක් වීරගේ 25/2, හර්ෂ ප්‍රමෝද් 29/2, දිනුක දස්මිත් 30/2)


අදහස් (0)

ක්‍රිස්තුරාජ විදුහලට කඩුල්ලක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.