Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කළමණාකරුවන් - පුහුණුකරුවන් නම් කරයි

කළමණාකරුවන් - පුහුණුකරුවන් නම් කරයි

රොෂාන් ගුණරත්න - 2018 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තරග වදින කණ්ඩායම් 4 සඳහා කළමණාකරුවන් සහ ප්‍රධාන පුහුණුකරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද (16 වැනිදා) පත්කරන ලදී.

තරගාවලිය සඳහා දඹුල්ල, මහනුවර, ගාල්ල සහ කොළඹ ලෙස කණ්ඩායම් 4 ක් තරග වදියි. දඹුල්ල කණ්ඩායම සඳහා විනෝදන් ජෝන්, මහනුවර කණ්ඩායම සඳහා ප්‍රියන්ත උදයරත්න, ගාල්ල කණ්ඩායම සඳහා නලින්ද ඉලංගකෝන් සහ කොළඹ කණ්ඩායම සඳහා ගජබා පිටිගල යන මහත්වරුන් කණ්ඩායමේ කළමණාකරුවන් ලෙස පත්කර ඇත.

ප්‍රධාන පුහුණුකරුවන් ලෙස ගාල්ල කණ්ඩායම සඳහා රෝයි ඩයස්, කොළඹ කණ්ඩායම සඳහා අවිශ්ක ගුණවර්ධන, මහනුවර කණ්ඩායම සඳහා පියල් විජේතුංග සහ දඹුල්ල කණ්ඩායම සඳහා සුමිත්‍ර වර්ණකුලසූරිය යන මහත්වරුන් පත්කර ඇත.

ප්‍රධාන පුහුණුකරුවන් ලෙස පත්කළ රෝයි ඩයස්, අවිශ්ක ගුණවර්ධන සහ පියල් විජේතුංග යන මහත්වරුන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇති අතර සුමිත්‍ර වර්ණකුලසූරිය මහතා පළමු පෙළ තරග සඳහා පමණක් ක්‍රීඩා කළේය.

 


අදහස් (0)

කළමණාකරුවන් - පුහුණුකරුවන් නම් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.