Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කවිඳු ඉසිපතන විදුහලට ජය ගෙනෙයි

කවිඳු ඉසිපතන විදුහලට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ රාජකීය විදුහලට එරෙහිව ලකුණු 4 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ ඉසිපතන විදුහල පෙරේදා​ (12 වැනිදා) සමත්විය. මෙම තරගය කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ලකුණු 24 කට කඩුලු 5 ක් දවාගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ කවිඳු බණ්ඩාර ඉසිපතන විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.
රාජකීය විදුහලේ අශාන් සංචිත (78) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන්ද ළහිරු මදුසංක කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.

ඉසිපතන විදුහල - ඕවර 47.5 කදී සියලුදෙනා දැවී 160
(රවිඳු රත්නායක 44, ඉසුරු සඳමාල් 31, ළහිරු මදුසංක 18/4, කවිඳු පතිරත්න 29/2)

රාජකීය විදුහල - ඕවර 49.2 කදී සියලුදෙනා දැවී 156
(අශාන් සංචිත 78, කවිඳු බණ්ඩාර 24/5, යසිරු කස්තුරිආරච්චි 22/2)


අදහස් (0)

කවිඳු ඉසිපතන විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.