අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ මීගමුව මාරිස්ටෙලා විදුහල් ‘බී’ කණ්ඩායම අතර ගොඩිගමුව ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ නඳුන් කල්හාර ලකුණු 86 ක් රැස්කරමින්, ලකුණු 65 කට කඩුලු 10 ක්ද බිඳහෙළීය.
මාරිස්ටෙලා විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 34.3 කදී සියලු දෙනා දැවී 121
(මිතුෂ මුතුගොඩ 75, නඳුන් කල්හාර 22/6, මහිඳු මලිත් 64/2)
නාලන්දා මැදි විදුහල් පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 5 ක් දැවී 170
(නඳුන් කල්හාර 86, සචිරු හංසල 61, කවිත කුමාරපේලි 65/2)
මාරිස්ටෙලා විදුහල් ‘බී’ කණ්ඩායම දෙවැනි ඉනිම - ඕවර 26.5 කදී සියලු දෙනා දැවී 102
(රයන් පුංචිහේවා 38, මිතුෂ මුතුගොඩ 28, නවීන් දිස්නක 12/4, නඳුන් කල්හාර 43/4)
නාලන්දා මැදි විදුහල් දෙවැනි ඉනිම - ඕවර 13.2 කදී කඩුලු 3 ක් දැවී 56
(සලිඳු මල්මින 30, කවිත කුමාරපේලි 27/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.