රු. ලක්ෂ 4 ක වටිනාකමින්යුත් ක‍්‍රීඩා භාණ්ඩ තොගයක් ක‍්‍රීඩා අමාත්‍යංශය විසින් පාසල් තුනකට සහ ක‍්‍රීඩා සමාජයට පරිත්‍යාග කරන ලදි. කල්මුණේ මරුදමුනෙයි අල්මනා මධ්‍යම මහා විද්‍යාලය, පෙරියනීවානෙයි පූලවාර්මනි විද්‍යාලයට හා මරුදමුනෙයි ගෝල්ඞ් මයින් ක‍්‍රීඩා සමාජයට මෙම ක‍්‍රීඩා භාණ්ඩ පිරිනැමිණ.
එම ක‍්‍රීඩා භාණ්ඩ ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා අතින් අල්මනා මධ්‍යම මහා විද්‍යාලයේ විදුහල්පති වෛද්‍ය උමාර් මව්ලානා මහතා වෙත බාරදෙන අවස්ථව.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්‍යක්ෂ කේ.එම්. රිස්වී මහතා, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මිය, පූලවාර්මනි විද්‍යාලයේ උප විදුහල්පති ඉන්නාමුල්ලා මහතා සහ ගෝල්ඞ් මයින් ක‍්‍රීඩා සමාජයේ සභාපති වයි.කේ.රහමන් මහතාද සහභාගී වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.