අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II වැනි කාණ්ඩයේ පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කරන්දෙණිය මැදි විදුහල සමත්වී තිබේ.
පළමු වටයේ තරග වලදී කළුතර විදුහල් ‘බී’ කණ්ඩායම, හික්කඩුව ශ්‍රී සුමංගල විදුහල, මාදම්පේ මැදි විදුහල සහ ගාල්ල මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව තරග වැදුණ කරන්දෙණිය මැදි විදුහල අපරාජිත කණ්ඩායමක් ලෙස දෙවැනි වටයට පැමිණියේය.
දෙවැනි වටයේදී සඳලංකාව මැදි විදුහල, රණබිම රාජකීය විදුහල, ඉබ්බාගමුව මැදි විදුහල සහ කොළඹ මහානාම විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව තරග වැදුණු ඔවුහු, තව දුරටත් සිය අපරාජිත බව රැකගනිමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්හ.
කරන්දෙණිය මැදි විදුහලේ මැද පෙළ පිතිකරුවකු වන ධනේෂ් මධුසංක, මේ දක්වා ඉනිම 8 කදී ලකුණු 670 ක් රැස්කරගෙන ඇත. ඊට ශතක 3 ක් සහ අර්ධ ශතක 3 ක් ඇතුළත් වන අතර එහිදී ඔහු හයේ පහර 57 ක් සහ හතරේ පහර 39 ක් වාර්තා කර ඇත.
කණ්ඩායම් නායක දිමුත් සඳරුවන් ඉනිම 8 කදී ලකුණු 560 ක් රැස්කරගෙන ඇති අතර ඊට ශතකයක් සහ අර්ධ ශතක 4 ක් ඇතුළත්වේ.
වමතින් පා දඟ පන්දු යවන කී‍්‍රඩක ඉෂාන් ප‍්‍රමෝද්‍ය, කරන්දෙණිය මැදි විදුහල වෙනුවෙන් ඉනිම 8 ක් තුළ දවාගෙන ඇති කඩුලූ සංඛ්‍යාව 26 කි.
සඳලංකාව මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක්
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලූ දෙනා දැවී 172
(දිමුතු සඳරුවන් 36, ඉෂාන් ප‍්‍රමෝද්‍ය 30, සමිත් ඉසුරු 29, ධනීෂ් මධුසංක 26, එස්. මලින්ද 8/2, ආර්. පෙරේරා 36/2)
සඳලංකාව මැදි විදුහල පළමු ඉනිම - ඕවර 41.5 කදී සියලූ දෙනා දැවී 89
(ඒ. පී. මධුවන්ත 14, ඉෂාන් ප‍්‍රමෝද්‍ය 23/4, ධනීෂ් මධුසංක 8/2, මනීෂ මධුභාෂණ 18/2)
කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 15 කදී කඩුලූ 4 ක් දැවී 128
(අශාන් කාවින්ද නොදැවී 42, දිමුතු සඳරුවන් 36, ඒ. පී. මධුවන්ත 18/2)
රණබිම රාජකීය විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක්
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 30.2 කදී කඩුලූ 7 ක් දැවී 184
(ධනේෂ් මධුසංක 114, සමිත් ඉසුරු නොදැවී 20, දිමුත් සඳරුවන් 18, ප‍්‍රබෝධ මධුවන්ත 45/3)
රණබිම රාජකීය විදුහල පළමු ඉනිම - ඕවර 39.3 කදී සියලූ දෙනා දැවී 92
(සාරංග වීරසේකර 31, නවීන් කෞෂික 18/5, ධනීෂ් මධුසංක 10/2)
කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 13 කදී කඩුලූ 4 ක් දැවී 104
(දිමුත් සඳරුවන් 53)
මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේ ජයක්
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 33.5 කදී කඩුලූ 3 ක් දැවී 212
(ධනේෂ් මධුසංක 103, විෂාන් සහස් 42, දිමුත් සඳරුවන් 22, දිනුවර මෙන්ඩිස් 55/2)
මහින්ද විදුහල් ‘බී’ කණ්ඩායම පළමු ඉනිම - ඕවර 38.4 කදී සියලූ දෙනා දැවී 97
(සවිඳු කවීෂ් 33, ජනෙත් කෞෂාල් 11/6, නවීන් කෞෂික 22/3)
කරන්දෙණිය මැදි විදුහල දෙවැනි ඉනිම - ඕවර 3 කදී කඩුල්ලක් දැවී 41
ඉබ්බාගමුව මැදි විදුහලට එරෙහිව පළමු ඉනිමේ ජයක්
කරන්දෙණිය මැදි විදුහල පළමු ඉනිම - ඕවර 62 කදී කඩුලූ 8 ක් දැවී 298
(සමිත් ඉසුරු නොදැවී 106, ධනීෂ් මධුසංක 86, දිමුත් සඳරුවන් 32, විෂාන් සහස් 29, පී. ජයරත්න 48/2, අයි. පේ‍්‍රමරත්න 88/2)
ඉබ්බාගමුව මැදි විදුහල පළමු ඉනිම - ඕවර 24 කදී සියලූ දෙනා දැවී 37
(ඉෂාන් ප‍්‍රමෝද්‍ය 2/3, සමිත ඉසුරු 3/3, නවීන් කෞෂික 17/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.