
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ පළඟ ශූරතාව යටතේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් වාර්තා කිරීමට කුරුණෑගල යොවුන් ක්‍රීඩා සමාජය ඊයේ (7 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 171 ක ඉලක්කයක් හඹාගිය කුරුණෑගල යොවුන් ක්‍රීඩකයෝ ඕවර 34.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ඉලක්යක සපුරා ගත්හ. මනෝජ් සරත්චන්ද්‍ර හතරේ පහර 8 ක් සමග ලකුණු 65 ක්ද, ලක්ෂාන් එදිරිසිංහ හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 40 ක්ද රැස්කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළහ.
ලකුණු 119 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ මේරියන්ස් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 289 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටුවමින් කුරුණෑගල යොවුන් පිලට දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම සඳහා ආරාධනා කර සිටියේය. එහිදී පන්දු 93 කින් වේගවත් ශතකයක් ලබාගැනීමට සම්මු අෂාන් (නොදැවී 100) සමත් වූයේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි.
තරිඳු අමරසිංහ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 61 ක්ද, නායක කසුන් විදුර හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 57 ක්ද රැස්කරමින් මේරියන්ස් දෙවැනි ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීම සඳහා අෂාන්ට අනගි සහායක් දුන්හ. එහිදී සමීර සඳමාල් සහ ගීතික ද සිල්වා කුරුණෑගල යොවුන් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
හලාවත මේරියන්ස් පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 149
(තනුක දාබරේ 91, කසුන් විදුර 21, චාමිකර එදිරිසිංහ 21/2, සමීර සඳමාල් 24/2)
කුරුණෑගල යොවුන් පළමු ඉනිම - සියලු දෙනා දැවී 268
(යොහාන් මැද්දගේ 85, ලක්වින් අඹේසිංහ 85, රවින්ද්‍ර කරුණාරත්න 38, මනෝජ් සරත්චන්ද්‍ර 35, ඉරුෂ්ක තිමිර 38/4, තනුක දාබරේ 50/3, තිල්ෂිල ද සිල්වා 16/2)
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 289
(තනුක දාබරේ 23, තරිඳු අමරසිංහ 61, සම්මු අෂාන් නොදැවී 100, තිල්ෂිල ද සිල්වා 33, කසුන් විදුර 57, සමීර සඳමාල් 54/2, ගීතික ද සිල්වා 83/2)
කුරුණෑගල යොවුන් දෙවැනි ඉනිම - කඩුලු 5 ක් දැවී 172
(ලක්වින් අඹේසිංහ 22, මනෝජ් සරත්චන්ද්‍ර 65, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 40, ඉරුෂ්ක තිමිර 35/2, තිල්ෂිල ද සිල්වා 57/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.