Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
කමිඳු මෙන්ඩිස් (57), දසුන් ශානක (102) සහ චාමික කරුණාරත්න (34) තිදෙනා බලවත් උත්ාහයක නිරත වූවද පල්ලෙකැළේදී අද (18 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලකුණු 22 ක තියුණු ජයක් ලබාගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 303 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පන්දු 60 න් ලකුණු 92 ක් ලබාගැනීමේ අභියෝගයට මුහුණ දුන් නමුත් දසුන් ශානකගේ දැවීයාම ශ්‍රී ලංකා පිලේ ගමන අඩාළ කළේය.
මෙම තරගයේදී ලබාගත් ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-1 ක් ලෙසින් සමකළ සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ලබන සිකුරාදා පැවැත්වීමට නියමිත තුන්වැනි සහ අවසන් තරගය දෙපිලටම තීරණාත්මක එකක් බවට පත්කළහ.
ඉදිරිපෙළ පිතිකරුවන් ඉක්මනින්ම දැවී යාමෙන් අසරණ වූ ශ්‍රී ලංකා පිල ගොඩගැනීමට කමිඳු මෙන්ඩිස් (57) සහ දසුන් ශානක (නොදැවී 79) අනගි මෙහෙවරක් කළහ. පන්දු 120 කදී පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 118 ක් එක්කළ මෙම පිතිකරුවෝ දෙදෙනා කඩාවැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමට සවිමත් මුක්කුවක් ගැසූහ. එම සම්බන්ධතාව බිඳීයාමෙන් පසුව නායකයා සමග එක්වූ චාමික කරුණාරත්න, අමාරුවේ වැටුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩගැනීමේ අසීරු අභියෝගය බාරගත්තේය.
40 වැනි ඕවරය දක්වා තමන්ගේ කඩුලු ආරක්‍ෂා කරගත් දසුන් සහ චාමික කරුණාරත්න දෙදෙනා තරගය ජයගැනීමට නම් අවසන් ඕවර 10 දී ලබාගත යුතු ලකුණු සංඛ්‍යාව 92 ක් බවට පත්කර ගත්හ. එහෙත් පිත්තටම ලැබුණු පන්දුවක් නරඹන්නන් අතරට යවමින් සිය මංගල එක්දින ශතකය ලබාගත් දසුන් ශානක ඊළඟ පන්දුවේදී දැවීයාම ශ්‍රී ලංකා පිලේ ගමනට හරස්විය.
පළමු තරගයේදී පැනගත නොහැකි වූ ලකුණු 300 කඩයිම අද පැනගත් සිම්බාබ්වේ පිතිකරුවෝ ඕවර 50 ක් නිමාවන විට කඩුලු 8 ක් දැවී ලකුණු 302 ක් ලබාගත්හ. පළපුරුදු ක්‍රීඩකයන් වන ක්‍රෙග් අර්වින් (91), රෙගීස් චකබ්වා (47), ෂෝන් විලියම්ස් (48) සහ සිකන්දර් රාසා (56) එක්ව සිම්බාබ්වේ පිල මෙම ශක්තිමත් ස්ථානයට කැඳවාගෙන ගියහ.
ශ්‍රී ලංකාවට පැමිණ කළ පී.සී.ආර්. පරීක්‍ෂණයේදී කොරෝනා වයිරසය අසාදිත යයි හෙළිදරව් වීම නිසා හුදෙකළාව සිටි සිම්බාබ්වේ පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුට් මහතා අද දිනයේදී සිය කණ්ඩායම සමගින් එක්විය.
ආරම්භයේ සිටම කිසියම් සැලැස්මක් ඇතිව පිතිහරඹයේ යෙදුණු මධ්‍යම අප්‍රිකානු ජාතිකයෝ නිරන්තරයෙන්ම ඕවරයක් සඳහා ලකූණු 6 ට ආසන්න වේගයක් රඳවා ගත්හ. 25 වැනි ඕවරයේදී ලකුණු 143 ක් ලබා සිටි සිම්බාබ්වේ පිල 40 වැනි ඕවරය නිමාවේදී කඩුලු 4 ක් දැවී ලකුණු 232 ක් ලබා සිටියේය. මෙම තත්ත්වය හේතුවෙන් අවසන් ඕවර 10 දී කඩුලු 4 ක් දැවී ගිය නමුත් ලකුණු 300 කඩයිම පසුකර යාම සිම්බාබ්වේ පිලට අසීරුවක් නොවීය.
තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 106 ක විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ ක්‍රෙග් අර්වින් සහ ෂෝන් විලියම්ස් දෙදෙනා තමන්ගේ කණ්ඩායම මෙම ශක්තිමත් අටල්ලට කැඳවාගෙන ආ පුරෝගාමියෝ වූහ. පලමු තරගයේදී ශතකයක් ලබාගත් විලියම්ස්, සිය අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගිය නමුත් නායක අර්වින් පන්දු 98 කින් ලකුණු 91 ක් ලබාගත්තේ හතරේ පහර 10 කින් සිය ඉනිම අලංකාර කරමිනි.
නායක දසුන් ශානක, තමාද ඇතුළුව පන්දු යවන්නන් 8 දෙනකුගේ සේවය යොදාගත්තද, සිම්බාබ්වේ පිතිකරුවන් පාලනය කිරීම උගහට විය.
සිම්බාබ්වේ පිතිකරුවන්ට කිසිම ආකාරයකින් තර්ජනයක් වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අපොහොසත් වූහ. ජෙෆ්රි වැන්ඩසේ, කිසියම් සාර්ථකත්වයක් අත්කරගත්තේ නම් ඒ පසුපස තිබුණේ කුසල් මෙන්ඩිස්ගේ විශිෂ්ට කඩුලු රැකීමයි. අන්තර්ජාතික තරග වලදී නිරන්තයෙන් කඩුලු රැකීමේ නොයෙදුන නමුත්, රෙගීස් චකබ්වා සහ ෂෝන් විලියම්ස් දෙදෙනාගේම පාද සීමා ඉරෙන් යන්තමින් ඉවතට යද්දී දෙදෙනාම ස්ටම්ප් කිරීමට හසුකරගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වූයේය.
තාකුඞ්ස්වනාෂේ කයිතානෝ සහ රෙගීස් චකබ්වා දෙදෙනා පළමු ඕවරය යැවූ නුවන් ප්‍රදීප්ගෙන් ලකුණු 14 ක්ම උදුරා ගත්හ. ශ්‍රී ලංකා නායකයා, නුවන් කෙරේ දිගින් දිගටම විශ්වාසය තැබූ නමුත් ප්‍රදීප්ගේ පළමු ඕවර 3 දී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 14-5-8 ක් වශයෙනි. එතැන් සිට, ඔව්හු තමන්ට රිසි සේ, ලකුණු ලබාගත්හ. එක්දින තරග 48 කට සහභාගි වී සිටින නුවන් ප්‍රදීප්ගේ පන්දු යැවීම සටහන් වූයේ 10-0-74-2 ක් වශයෙනි.
එක්දින තරගයක් ජයගැනීමට නම් යැවෙන පන්දු 300 න් අඩුතරමේ 145 කට වැඩි සංඛ්‍යාවක් නිලකුණු පන්දු ලෙසින් තබාගැනීම අවශ්‍ය වූවත්, අද තරගයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට යැවිය හැකිවූයේ නිලකුණු පන්දු 130 ක් පමණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.