Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමිටුවට ඇමැතිගේම තිදෙනෙක්

කමිටුවට ඇමැතිගේම තිදෙනෙක්

editorial - 2023 නොවැ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රජයේ විගණකාධිපතිවරයා විසින් නිකුත් කර තිබෙන වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ලවී තිබෙන චෝදනා විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල ස්වාධීන කමිටුවක් පත් කිරීමට ක්‍රිකට් ආයතනය ඊයේ (8) පියවර ගත්තේය. එහි විශේෂත්වය පත් කළ සාමාජිකයන් තිදෙනාම සඳුදා (6) ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් ක්‍රිකට් පරිපාලනය පවත්වා ගෙන යාම සඳහා පත් කරනු ලැබූ අතුරු කමිටුවේ සාමාජිකයන් වීමයි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් එහි සෙසු සාමාජිකාවන් දෙදෙනා වන්නේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ හා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා යන මහත්මීන්ය.

රජයේ විගණකාධිපතිවරයා විසින් 2023 සැප්තැම්බර් 11 වැනිදා නිකුත් කළ වාර්තාවෙන් පැන නැගී තිබෙන දූෂණ වංචා, විෂමාචාර ක්‍රියා සිදුවීම් හා අසාර්ථකතාවයන් පිළිබඳව සොයා බලා එවැනි සිදුවීම් ඇත්නම් ඒවා වැළැක්වීමට නිර්දේශ ලබාදීම හා ඒ සම්බන්ධයෙන් උපාය මාර්ගික ක්‍රමවේද සකස් කරන ලෙස කමිටුවට එහිදී ක්‍රිකට් ආයතනයෙන් උපදෙස් ලබාදී තිබේ.

මේ සම්බන්ධයෙන් මීට පෙර විධාන කරමින් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා නිකුත් කර තිබූ ගැසට් නිවේදනවලට අනුකූලව මෙම කමිටුවේ පත් කිරීම සිදු කර තිබෙන බවත් ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරයි.


අදහස් (0)

කමිටුවට ඇමැතිගේම තිදෙනෙක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.