Last Update  :  2024-04-28 22:15:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කඳාන ද මැසනඩ් අවසන් පූර්ව වටයට
17 න් පහළ ක්‍රිකට්

කඳාන ද මැසනඩ් අවසන් පූර්ව වටයට

editorial - 2023 අගෝ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ පළමු ශ්‍රේණියේ ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය පරාජය කරමින් කඳාන ද මැසනඩ් විද්‍යාලය අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තේය. කොළඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයීය පිටියේදී පැවැති තරගයේදී ද මැසනඩ් විද්‍යාලය විසින් ශාන්ත සර්වේශස් විද්‍යාලය ලකුණු 113 කින් පරාජය කරන ලදි.

මෙම තරගයේදී ශාන්ත සර්වේශස් විද්‍යාලයේ විරාන් චමුදිත පන්දුවෙන් (23/4) මෙන්ම පිත්තෙන් (69) ද දස්කම් පෙන්වූ නමුත් තම කණ්ඩායම අවසන් පූර්ව වටයට ගෙන යාමට ඔහුට නොහැකි විය.


ද මැසනඩ් විද්‍යාලය - ඕවර 50 කදී සියලු දෙනා දැවී 248 යි
(තරීන් සංකේත් 69, ජනිත් කාරින්ද 53, ෂෙවාන් මෙනූෂ 36, මෙවන් නවෝෂ 29, විරාන් චමුදිත 23/4, රිසිනු කිත්මුක 58/3)

ශාන්ත සර්වේශස් - ඕවර 32.4 කදී සියලු දෙනා දැවී 135 යි
(විරාන් චමුදිත 69, රවිඳු සිල්වා 05/4, ඩිනෝෂ් ජෙලන් 21/2)

- 213

 


අදහස් (0)

කඳාන ද මැසනඩ් අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.