අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හුණුමුල්ල සී.ඩබ්.ඩබ්. කන්නංගර මැදි විදුහල සහ කොළඹ ලුම්බිණි විදුහල් ‘බී’ කණ්ඩායම අතර කන්නංගර මැදි විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති III කොටසේ තරගයේදී දෙවිදුහල් ලැබූ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ඉන් ජය ලැබීමට කන්නංගර මැදි විදුහල විදුහල සමත් විය.
එහිදී ජනිත් ජයමාන්න (නොදැවී 79), පසිඳු සංදීප (63) සහ දිසල දෙව්තිළිණ (නොදැවී 50) කන්නංගර මැදි විදුහල වෙනුවෙන්ද, චාරුන් රසාංජන (නොදැවි 84) සහ චනුර තිෂූන් (52) ලුම්බිණි විදුහල් ‘බී’ කණ්ඩායම වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගත්හ.
එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ දිසල දෙව්තිළිණ ලකුණු 68 කට කඩුලු 5 ක් දවාගනිමින් ලුම්බිණි විදුහලේ පිතිකරුවන් පීඩනයට පත් කළේය.
කන්නංගර මැදි විදුහල - ඕවර 72.5 කදී සියලු දෙනා දැවී 316
(ජනිත් ජයමාන්න නොදැවී 79, පසිඳු සංදීප 63, දිසල දෙව්තිළිණ නොදැවී 50, පසිඳු රණතුංග 45, ඔසඳ පතිරණ 34)
ලුම්බිණි විදුහල් ‘බී’ කණ්ඩායම - ඕවර 35 කදී කඩුලු 7 ක් දැවී 225
(චාරුන් රසාංජන නොදැවි 84, චනුර තිෂූන් 52, දිනූෂ නිර්මාල් නොදැවී 20, දිසල දෙව්තිළිණ 68/5)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.