ශ‍්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කළ විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලියේ රන් කාණ්ඩයේ (වයස 17 න් පහළ) ශූරතාව දිනාගැනීමට ලමිඳු රයිනික සමත් විය. ඔහුට සමස්ථ තරගය නිමා කිරීම සඳහා වැය වූ පහර සංඛ්‍යාව 244 කි.
ලමිඳුට වඩා පහර 11 ක් වැඩියෙන් (පහර 255) එල්ල කරමින් තරගය නිමා කළ ප‍්‍රෂාන් ලක්ෂිත එම කාණ්ඩයේ අනුශූරතාව හිමිකර ගත්තේය.
පහර 239 කින් තරගය අවසන් කළ සත්සර දිල්ෂාන් රිදී කාණ්ඩයේ (වයස 11 ත් 14ත් අතර) ශූරතාව දිනාගත් අතර එම කාණ්ඩයේ අනුශූරතාව දිනාගැනීමට ටානියා මිනෙල් සමත් වූයේ පහර 251 කින් තරගය අවසන් කරමිනි.
තරග වට 2 කින් සමත්විත වූ ලෝකඩ කාණ්ඩයේ (වයස 10 න් පහළ) ශූරතාව දිනාගැනීමට නයිජල් ප‍්‍රනාන්දු සමත් වූ අතර පහර 76 කින් ඔහු තරගය අවසන් කළේය. පහර 86 කින් තරගය අවසන් කළ ලෙවෝන් නියරේපොළ එම කාණ්ඩයේ අනුශූරතාව හිමිකරගත්තේය.
මෙම තරගාවලියේදී අවුරුදු 15 සිට 17 දක්වා වයස් කාණ්ඩයේ පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රන් කාණ්ඩයෙන්ද, අවුරුදු 11 සිට 14 දක්වා වයස් කාණ්ඩයේ පසුවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රිදී කාණ්ඩයෙන්ද, වයස් අවුරුදු 11 න් පහළ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලෝකඩ කාණ්ඩයෙන්ද, තරග වැදිණ.
‘ප‍්‍රීමා සන්රයිස් බ්‍රෙඞ්’ සමාගමේ අනුග‍්‍රහයෙන් 7 වැනි වරටත් පැවැති මෙම තරගාවලිය දින 3 ක් පුරා කොළඹ රාජකීය ගොල්ෆ් කී‍්‍රඩා සමාජ පිටියේදී පැවැත්විණ.
| රන් කාණ්ඩය | ||||
| ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව | පළමු දිනය | දෙවැනි දිනය | තෙවැනි දිනය | එකතුව |
| ලමිඳු රයිනික | 81 | 83 | 80 | 244 |
| ප්‍රෂාන් ලක්ෂිත | 85 | 83 | 87 | 255 |
| බුද්ධික ජයලත් | 84 | 91 | 84 | 259 |
| ඩැරන් හෝල් | 92 | 84 | 84 | 260 |
| හිරුණ සිගේරා | 82 | 90 | 92 | 264 |
| එස්. ෆ්ලෙමින් | 91 | 83 | 96 | 270 |
| ආර්මන්ඩ් කල්දේරා | 89 | 82 | 101 | 272 |
| ප්‍රවීන් රාජ් | 89 | 92 | 93 | 274 |
| වී. සරන්රාජ් | 94 | 92 | 92 | 278 |
| ඇස්ටන් ගෝඩ්ෆේ‍්‍ර | 98 | 97 | 95 | 290 |
| රිදී කාණ්ඩය | ||||
| ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව | පළමු දිනය | දෙවැනි දිනය | තෙවැනි දිනය | එකතුව |
| සත්සර දිල්ෂාන් | 81 | 77 | 81 | 239 |
| ටානියා මිනෙල් | 83 | 87 | 81 | 251 |
| දෙව්මිත් වීරරත්න | 93 | 82 | 78 | 253 |
| විනෝද් වීරසිංහ | 87 | 89 | 88 | 264 |
| ඉමාන් සංගානි | 96 | 99 | 91 | 286 |
| ඉඳුසර සේනාධීර | 102 | 94 | 91 | 287 |
| ආර්. සබීෂාන් | 98 | 98 | 99 | 295 |
| යොහාන් රුක්මන් | 98 | 103 | 96 | 297 |
| රෙවෝනි ගෝඩ්ෆේ‍්‍ර | 101 | 93 | 105 | 299 |
| අවිෂ්ක ගුණවර්ධන | 95 | 104 | 102 | 301 |
| ලෝකඩ කාණ්ඩය | ||||
| ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව | පළමු දිනය | දෙවැනි දිනය | එකතුව | |
| නයිජල් ප්‍රනාන්දු | 40 | 36 | 76 | |
| ලෙවොන් නියරේපොල | 41 | 45 | 86 | |
| තියෙන් කපිලසේන | 46 | 44 | 90 | |
| කේ. ධනුෂාන් | 45 | 48 | 93 | |
| යනික් කුමාර | 56 | 46 | 102 | |
| නිරේඛ් තේජ්වානි | 50 | 61 | 111 | |
| තනීෂ් සමරවික්‍රම | 49 | 63 | 112 | |
| ජනවා ද සේරම් | 54 | 60 | 114 | |
| ශෙරීන් මිතුරු | 60 | 59 | 119 | |
| ජයිට්‍රා ද සේරම් | 66 | 58 | 124 | |
පී‍්‍රමා ශී‍්‍ර ලංකා සමාගමේ සාමාන්‍යාධිකාරී (සමූහ) ටියැන් චුඈන් මහතා විසින් රන් කාණ්ඩයේ ශූරතාව දිනාගත් ලමිඳු රයිනිකට රිදී ආලේපිත පළිහ ප‍්‍රදානය කරන ලද අවස්ථාව...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.