Last Update  :  2025-05-24 19:25:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කණ්ඩායම් 84ක් පළමු වටයේදී තරග බිමට
15න් පහළ ක්‍රිකට්

කණ්ඩායම් 84ක් පළමු වටයේදී තරග බිමට

editorial - 2025 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ අන්තර් පාසල්  ක්‍රිකට් තරගාවලියේ පළමු  වටයේදී පාසල් කණ්ඩායම් 84ක් කාණ්ඩ 14ක් යටතේ පළමු වටයේදී තරග වදිති.

පළමු වටය ලීග් ක්‍රමයට පැවැත්වෙන අතර, පළමු වටයේදී දස්කම් දක්වන කණ්ඩායම් 32ක් පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වෙන අවසන් වටයට සුදුසුකම් ලබනු ඇත. සෑම කාණ්ඩයකින්ම කණ්ඩායම් 2ක් බැගින් කණ්ඩායම් 28ක් සමගින් හොඳම තෙවැනි ස්ථාන දිනාගත් කණ්ඩායම් 4ක් දෙවැනි වටයට සුදුසුකම් ලබනු ඇත. 

පසුගිය වසරේ දෙවැනි කොටසේ ශූරයින් වූ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ අනු ශූරයින් වූ වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසල මෙවර තරගවාරයේ සිට පළමු කොටසට උසස්වීම් ලබා සිටිති.

පළමු වටය මැයි මස අගදී ආරම්භ වීමට නියමිත අතර පළමු වටයේ තරග ජුනි 24 වැනි දිනෙන් නිමාවීමට නියමිතය.

 

ඒ කාණ්ඩය: 
මහරගම ජනාධිපති, කොළඹ වෙස්ලි, කැළණිය ශ්‍රී ධර්මලෝක, ජා ඇල ක්‍රිස්තුරාජ, කොළඹ නාලන්දා සහ  වත්තල ශාන්ත අන්තෝනි යන විදුහල්

බී කාණ්ඩය: 
මෝදර ද ලා සාල්, බම්බලපිටිය ශාන්ත පීතර, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, කොටහේන ශාන්ත බෙනඩික්ට්, ගල්කිස්ස ශාන්ත තෝමස් සහ කොට්ටාව ධර්මපාල යන විදුහල් 

සී කාණ්ඩය: 
කොළඹ සී.ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, කොළඹ ආනන්ද, දෙහිවල එස් ද එස් ජයසිංහ මමවි, නුගේගොඩ ශාන්ත ජෝන්, කොළඹ රාජකීය සහ කොළඹ ඩී එස් සේනානායක යන විදුහල් 

ඩී කාණ්ඩය: 
කොළඹ කේරි, කොළඹ තර්ස්ටන්, කොළඹ මහානාම, මොරටුව ශාන්ත සෙබස්තියන්, පන්නිපිටිය ධර්මපාල සහ කෝට්ටේ ශාන්ත තෝමස් යන විදුහල් 

ඊ කාණ්ඩය: 
කෝට්ටේ ජනාධිපති, කොළඹ ඉසිපතන, කොළඹ අශෝක, කොළඹ ශාන්ත ජෝශප්, කොළඹ ලුම්බිණි සහ කෝට්ටේ සී එම් එස් ශ්‍රී ජයවර්ධනපුර මහා විද්‍යාලය

එෆ් කාණ්ඩය: 
මීගමුව හරිස්චන්ද්‍ර, කඳාන ද මැසිනෝද්, කැළණිය ගුරුකුල, පිළියන්දල මමවි, වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් සහ ගම්පහ බණ්ඩාරනායකයන විදුහල් 

ජී කාණ්ඩය: 
හලාවත ශාන්ත මරියා, රද්දොළුව ශ්‍රී ප්‍රඥානන්ද, සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය, මීගමුව ශාන්ත පීතර, කුරුණෑගල මලියදේව සහ  වාරියපොළ ශ්‍රී සුමංගල යන විදුහල් 

එච් කාණ්ඩය:
කෑගලු විද්‍යාලය, ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර ශාන්ත ඇලෝසියස්, කටුගස්තොට ශාන්ත අන්තෝනි සහ පොළොන්නරුව රාජකීය සහ කුරුණෑගල ශාන්ත ආනා යන විදුහල් 

ජේ කාණ්ඩය:  
මාතලේ ශාන්ත තෝමස්, මහනුවර ත්‍රිත්ව, කෑගල්ල ශාන්ත මරියා, මහනුවර කිංග්ස්වුඩ්, මීගමුව මාරිස්ටෙලා සහ මාරවිල ශාන්ත ෂේවියර් යන විදුහල් 

කේ කාණ්ඩය: 
ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලය, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, මහනුවර විද්‍යාර්ථ, කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලය, මහනුවර ශාන්ත සිල්වෙස්තර සහ  මහනුවර ධර්මරාජ  යන විදුහල් 

එල් කාණ්ඩය: 
කළුතර සිරිකුරුස, කළුතර විද්‍යාලය, පානදුර රාජකීය, වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය, පානදුර ශ්‍රී සුමංගල සහ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය යන විදුහල් 

එම් කාණ්ඩය: 
පානදුර ශාන්ත ජෝන්, අම්බලන්ගොඩ පී.ද එස්.කුලරත්න, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය, මොරටුව වේල්ස් කුමර, රත්ගම දේවපතිරාජ සහ මොරටු විද්‍යාලය

එන් කාණ්ඩය:  
ගාල්ල රිච්මන්ඩ්, මාතර රාහුල, මීපාවල අමරසූරිය, ගාල්ල මහින්ද, අම්බලන්ගොඩ ධර්මාශෝක, සහ  බලපිටිය රේවත යන විදුහල් 

පී කාණ්ඩය: 
ගාල්ල විද්‍යාලෝක, මාතර ශාන්ත සර්වේෂස්, දෙබරවැව ජාතික පාසල, මාතර ශාන්ත තෝමස්, ගාල්ල ශාන්ත ඇලෝසියස් සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද යන විදුහල් 


අදහස් (0)

කණ්ඩායම් 84ක් පළමු වටයේදී තරග බිමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.