ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ඉදිරි පෙළ අනුග‍්‍රාහක සමාගමක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කොන්දේසි මාලාවක් නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය මේ වන විට උභතෝකෝටිකයකට මුහුණ දී සිටින බව වාර්තාවේ. එකිනෙකා හා නොනවතින තරගයක නිරතව සිටින දිවයිනේ ප‍්‍රධානතම ව්‍යාපාරික ආයතන දෙකක් සමග ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය අවස්ථා දෙකකදී ඇතිකරගන්නා ලද ගිවිසුම් හේතුවෙන් මෙවන් තත්ත්වයක් උද්ගතවී ඇතැයිද කියැවේ.
එක් ගිවිසුමක් මේ වන විට අවලංගු වී ඇතත් ඔවුන්ගේ සේවා දායකත්වය තවදුරටත් ලබාගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ වත්මන් අනුග‍්‍රාහකයෝ බලවත්සේ නොසතුටට පත්ව සිටිති. එබැවින් පැරණි අනුග‍්‍රාහකයන්ගෙන් අදාළ සේවාවන් ලබාගැනීම වහාම නතර කරන ලෙසත් ඒ වෙනුවට නව සේවාවන් සැපයීමට තමන් සූදානම් බවත් වත්මන් අනුග‍්‍රාහක සමාගම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම්දී තිබේ.
අනුග‍්‍රාහකත්වය එක් ආයතනයකින් තවත් ආයතනයකට මාරුවීම නිසා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ 200 කට අධික සේවක පිරිස විසින් ලබාගන්නා සේවා වෙනස් කිරීමට සිදුව ඇති බවද කියැවේ. මේ වන විට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සේවයේ නියුතු පිරිස අතුරින් 131 දෙනෙක් වත්මන් අනුග‍්‍රාහකයන්ගේ සේවාවන්ද 144 දෙනෙක් පැරණි අනුග‍්‍රාහකයන්ගේ සේවාවන්ද ලබාගනිති. 72 දෙනෙක් ආයතන දෙකෙහිම සේවා ලබාගනිති.
කෙසේ වෙතත් වත්මන් අනුග‍්‍රාහකයන් කියා සිටින්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සමග තමන් ඇතිකරගත් ගිවිසුම අනුව, වහාම කි‍්‍රයාත්මක වන පරිදි, පැරණි අනුග‍්‍රාහක සමාගමෙන් ලබාගන්නා සේවාවන් නතර කළ යුතු බවත් ඒ වෙනුවට අදාළ සේවා සැපයීමට තමන් සූදානම් බවත්ය.
මේ අතරවාරයේදී ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටු සාමාජිකයන් වෙනුවෙන් නවතම ජංගම දුරකතන 23 ක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්‍ෂ 31 ක මුදලක් වෙන්කර ඇතැයිද වාර්තා වේ. වෙළෙඳපොළේ තිබෙන අති නවීනතම දුරකතන වන මෙම දුරකතනයක වත්මන් වටිනාකම රුපියල් 110,000.00 කි.
එම දුරකතන සඳහා 30% ක වට්ටමක් දීමට ප‍්‍රධාන පෙළේ දුරකතන සමාගමක් ඉදිරිපත් වී ඇතත් ඒවායේ ඉතිරි සියයට 70% ක මුදල ගෙවීමට සිදුවන්නේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ලැබෙන අනුග‍්‍රාහක මුදල් වලිනි. කි‍්‍රකට් ආයතනයේ සෙසු සේවයකයන් සඳහා දුරකතන මිලදී ගැනීමේදීද 10% සිට 20% දක්වා වට්ටම් දීමටද එම දුරකතන සමාගම එක`ග වී සිටින බවත් වාර්තා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.