ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීලග නිලවරණය ලබන වසරේ (2016) ජනවාරි මාසයේදී පැවැත්වීමට කී‍්‍රඩා අමත්‍ය නවීන් දිසානායක මහතා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරීන්ට පොරොන්දු වී තිබේ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරීන් සහ ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා අතර අද (12 වැනිදා) පැවැති විශේෂ සාකච්ඡවකදී කී‍්‍රඩා ඇමතිවරයා හිටපු නිලධාරීන්ට එසේ පොරොන්දු වී තිබේ.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරීන්ගේ ඉල්ලීමක් අනුව මෙම විශේෂ සාකච්ඡුාව ක්‍රීඩා අමාත්‍ය කාර්යාලයේදී අද සවස පැවැත්විණ.
මෙම හමුවේදී කී‍්‍රඩා අමාත්‍යවරයා පවසා ඇත්තේ දැනට කි‍්‍රයාත්මක වන ක්‍රිකට් අතුරු කමිටුව තාවකාලික පත්කිරීමක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බවත්ය.
කි‍්‍රකට් ආයතනයේ කටයුතු පවත්වාගෙන යාම සඳහා අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවට නියමිත පරිදි හේතු දක්වා ඇති බවත් කී‍්‍රඩා ඇමතිවරයා හිටපු නිලධාරීන්ට පවසා තිබේ. එහෙත් ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ කිසියම් ගැටළු සහගත තත්ත්වයක් උද්ගතවේ නම් එය විසඳාගැනීම සඳහා තමන්ට උපකාර කරන ලෙසද කී‍්‍රඩා ඇමතිවරයා තමන්ගෙන් ඉල්ලා සිටියේ යයි මෙම සාකච්ඡවට සහභාගි වූ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු උපලේකම් හිරන්ත පෙරේරා මහතා පැවසීය.
”කී‍්‍රඩා ඇමතිවරයා හැම තැනම කියලා තියෙනවා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරීන් දූෂිතයි. ඒ අය වංචා කරලා තියෙනවා කියලා....
අපි කී‍්‍රඩා ඇමතිවරයාගෙන් ඇහැව්වේ එහෙනම් ඒ වගේ නිලධාරීන් එක්ක එකම විධායක කමිටුවේ හිටපු දෙන්නෙක් වත්මන් අතුරු කමිටුවට පත්කළේ ඇයි කියලයි”
”අපි එහෙම ඇහැව්වාම ඇමතිතුමාට උත්තර නැතිව ගියා” යයිද හිරත්න පෙරේරා මහතා පැවසීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ජාතික සංවර්ධන මධ්‍යස්ථානයට මෑතකදී පත්කරන ලද නිලධාරියකු සම්බන්ධයෙන්ද කී‍්‍රඩා ඇමතිවරයා දැනුම්වත් කර ඇති අතර එම පත්කිරීම සම්බන්ධයෙන් වත්මන් කි‍්‍රකට් අතුරු කමිටුවේ ඇතැම් නිලධාරීන් පවා නොදන්නා බවද වාර්තා වේ.
කෙසේ වෙතත් ඇමතිවරයා සමග පැවැති මෙම සාකච්ඡව ඉතා සුහද මට්ටමින් පැවැති අතර කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරීන් කී‍්‍රඩා ඇමතිවරයාට වැඩිදුරටත් කියා ඇත්තේ තමන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සාමාජිකත්වයට වගකිව යුතු බැවින් නිලවරණයක් සඳහා තවත් මාස හයක කාලයක් බලා සිටීමට සිදුවීම ගැන සිය සාමාජිකත්වය දැනුම්වත් කළ යුතු බවත්ය.
”අපි නැවතත් අපේ සාමාජිකත්වය රැස්කරලා මේ ගැන ඔවුන්ට කියනවා. ඔවුන් මොනවාද කියන්නේ කියලා බලලා කී‍්‍රඩා ඇමතිවරයා නැවත හමුවන්න බලාපොරොත්තු වෙනවා” යයිද හිටපු උපලේකම් වරයා අද සවස පැවසීය.
වංචා හා දූෂණ පැමිණිලි පිළිබඳව හිටපු ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයින් කළ විමසුමකදී ඒ පිළිබඳ සොයා බැලීම සඳහා විමර්ශන කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවත් ඇමති දිසානායක මහතා පවසා තිබේ.
මෙම සාකච්ඡව සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශය වෙනුවෙන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් කේ. ඞී. එස්. රුවන්චන්ද්‍ර, නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු සහ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවේ ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් යන මහත්වරු සහභාගී වූහ. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු නිලධාරීන් වෙනුවෙන් උපාලි ධර්මදාස, නිශාන්ත රණතුංග, මොහාන් ද සිල්වා, අසංග සෙනෙවිරත්න, අජිත පැස්කුවල් සහ හිරන්ත පෙරේරා යන මහත්වරු මෙම සාකච්ඡවට සහභාගී වූහ.
කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ අවසන් වරට හිටපු සභාපතිවරයා වන ජයන්ත ධර්මදාස මහතා අද පස්වරුවේ කී‍්‍රඩා අමාත්‍යංශයේ පැවැති රැස්වීමට සහභාගි වී නැත. පසුගිය 25 වැනිදා කොළඹදී පැවැති ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සාමාජිකත්වය සමග පැවැති රැස්වීමට පැමිණෙන ලෙසද ජයන්ත ධර්මදාස මහතාට ආරාධනා කර ඇතත් එම රැස්වීමටද ජයන්ත ධර්මදාස මහතා සහභාගි නොවීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.