Last Update  :  2025-12-26 22:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ශනුක අරවින්ද - 2015 මැයි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අම්බලන්ගොඩ නගර සභාව 4 වැනි වරටත් සංවිධානය කරන ගාලූ දිස්ත‍්‍රික් අන්තර් පාසල් වයස 15 න් පහළ ඕවර විස්සයි විස්ස ක‍්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 10 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනේ.

අයැදුම්පත් ක‍්‍රීඩා උපදේශක ජී. අශෝක කුමාර, නගර සභාව අම්බලන්ගොඩ යන ලිපිනයට යොමු කළ යුතු අතර වැඩි විස්තර 0773344982 දුරකථන අංකයෙන් දැනගත හැකිය.

ගාලූ දිස්ත‍්‍රික්කයේ පාසල්වල වයස 15 න් පහළ ක‍්‍රිකට් කණ්ඩායම්වලට පමණක් මේ තරගාවලියට අයැදුම් කළ හැකිය. තරගාවලියේ ශූරතාව දිනා ගන්නා පාසලට මෙන්ම අනු ශූරතාවට හිමිකම් කියන පාසලට කුසලාන සමග ත්‍යාග පිරිනැමේ.

තරගාවලියේ වීරයාට තරගාවලියේ දක්ෂතම පිතිකරුට, පන්දු යවන්නාට සහ පන්දු  රකින්නාටද ත්‍යාග පිරිනැමේ. මෙම ක‍්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා අම්බලන්ගොඩ නගර සභා ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.

●●

 


අදහස් (0)

කි‍්‍රකට් තරගාවලියට අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.