Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් කී‍්‍රඩාවේ වෙළෙඳ පොළ

කි‍්‍රකට් කී‍්‍රඩාවේ වෙළෙඳ පොළ

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලන තරගාවලිය ආරම්භ වී දින 10 ක්  ගතවී ගොසිනි. එහෙත් ලෝක කුසලාන තරගාවලියක් තමන්ගේ රටේදී පැවැත්වෙනවා යන්න ගැන වගේ වගක් ඩනෙඩින් නුවර වෙසෙන නවසීලන්ත ජාතිකයන්ට නැතිවා සේය.

කොහොමටත් ‘කි‍්‍රකට්’ යනු නවසීලන්තයේ ජනපි‍්‍රයම කී‍්‍රඩාව නොවේ. නවසීලන්තයේ ජනපි‍්‍රයම කී‍්‍රඩාව රග්බි කී‍්‍රඩාවයි. ‘ ඕල් බ්ලැක්ස්’ කී පමණින් ලෝකයාම දන්න හඳුනන කණ්ඩායම නවසීලන්තයේ ජාතික රග්බි කණ්ඩායමයි.

නවසීලන්තයේ කී‍්‍රඩා අතර දෙවැනි තැන ගන්නේ දැල්පන්දු කී‍්‍රඩාවයි. කි‍්‍රකට් කී‍්‍රඩාවට ඇත්තේ තුන්වැනි නැතහොත් හතර වැනි තැන මිස ඊට ඉහළ තැනක් නොවේ.

වෙලින්ටන් නුවරදී පැවැති ලෝක කුසලාන තරගයේදී එංගලන්තයට අමතක නොවන පරාජයක් අත්කර දුන් නවසීලන්ත කණ්ඩායමේ දස්කම් ජාතික පුවත් පත්වල මුල් පිටුවේ පළකෙරුණද ඒවායේ කී‍්‍රඩා අංශයේ පිටු පිරී තිබුණේ ඔරු පැදීම, පාපැදි, පාපන්දු සහ අන්තර් සමාජ රග්බි තරග පිළිබඳ විස්තර වලිනි.

නවසීලන්තයේ වත්මන් තත්ත්වය එසේ වුවත් වසර 2011 දී ශී‍්‍ර ලංකාවේ, ඉන්දියාවේ සහ බංග්ලාදේශයේදීත්, 2012 දී ශී‍්‍ර ලංකාවේදීත්, 2014 දී බංග්ලාදේශයේදීත් ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන් බව සාමාන්‍ය මහජනතාවගේ සිත්සනත් තුළ හරි අපූරුවට කාවැද්දීමට ඒ ඒ රටවල කි‍්‍රකට් පාලක මණ්ඩල සමත් වූහ.

ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, පාකිස්තානය හෝ බංග්ලාදේශය වැනි රටවල කි‍්‍රකට් කී‍්‍රඩාව අලූතෙන් අළෙවි කිරීමට දෙයක් නැත. ඒවායේ ජාතික කී‍්‍රඩාව නොවන නමුත් ඒ ඒ රටවල ජාතික කී‍්‍රඩාව පරයා නැගී සිටීමට කි‍්‍රකට් කී‍්‍රඩාව සමත් වී තිබේ. එසේ වී ඇත්තේ කි‍්‍රකට් කී‍්‍රඩාව යටත් විජිත පාලකයන්ගෙන් ලැබුණු දෙයක් නිසා නොවේ. ආසියාවේ අපට, ජාතීන් වශයෙන් ආඩම්බර වන්නට ඇති එකම කී‍්‍රඩාව කි‍්‍රකට් කී‍්‍රඩාව නිසාය.

කි‍්‍රකට් කී‍්‍රඩාව නොවන්නට අන්තර්ජාතික කෙළිබිමේදී ආසියාතිකයෝ හැමදාමත් පරාජිතයෝ වන්නාහ. එහෙත් කි‍්‍රකට් කී‍්‍රඩාව නිසා ලෝකයේ කෙරුම්කාරයන් යයි කියාගන්නා රටවල් සමග කරට කර නැගී සිටීමට ශී‍්‍ර ලංකාව, ඉන්දියාව සහ පාකිස්තානය පමණක් නොව බංග්ලාදේශයද සමත්ය. දැන් දැන් ඇෆ්ඝනිස්තානයට එතැනට එමින් සිටී.

ලෝක කුසලාන තරගාවලියක අවසන් කණ්ඩායම් 8 අතරට සුදුසුකම් ලැබීමට ආසියාවේ රටවල් 3 ක් සමත් වේ නම් ඒ කි‍්‍රකට් කී‍්‍රඩාවම මිස අනෙකකක් නොවේ. එබැවින් සැබවින්ම කි‍්‍රකට් කී‍්‍රඩාව අළෙවි කළ යුතුවන්නේ ආසියාවේ රටවල නොවේ. වෙනත් දහසකුත් එකක් කී‍්‍රඩා තිබෙන බටහිර රටවලත්,  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය සහ මැලේසියාව - සිංගප්පූරුව ඇතුළු අග්නිදිග ආසියාවේ රටවලත්ය.  

මෙවර ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා නැති නමුත් දකුණු කොරියාවේ, මැලේසියාවේ, හොං කොං, සිංගප්පූරුවේ සහ චීනයේත් කි‍්‍රකට් කණ්ඩායම් ඇති බව අප අමතක නොකළ යුතුය. මේ රටවලට කි‍්‍රකට් කී‍්‍රඩාව ගෙන යා හැකි නම් ඒවායේ ප‍්‍රයෝජන ශී‍්‍ර ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන්ටත් ලබාගත හැකිය. මක්නිසාද යත් එම රටවල කි‍්‍රකට් කී‍්‍රඩාව ප‍්‍රචලිත වීමේදී සම්පත් දායකයන් වශයෙන් ශී‍්‍ර ලාංකිකයන්ට එම රටවල හොඳ ඉල්ලූමක් ඇතිවන බැවිනි.

මෙය අන්තර්ජාතික කි‍්‍රකට් සභාවටම පමණක් බාරදී බලා සිටීමෙන් ඵලක් නොවේ. සැබෑවටම උවමනාවක් ඇත්නම්, තම තමන්ගේ අවස්ථා නිර්මාණය කරගැනීම තමන්ටම කරගත හැකිය.

නවසීලන්තයේ ක‍්‍රයිස්චර්ච් නුවරත් එංගලන්තයේ ලන්ඩන් නුවරත් අතර වෙලාවේ වෙනස පැය 13 කි. ක‍්‍රයිස්චර්ච් නුවර රාතී‍්‍ර 8.30 වන විට ලන්ඩන් නුවර වේලාව පෙරවරු 7.30 ය. ක‍්‍රයිස්ට්චර්ච් සිට ලන්ඩන් නුවරට එක එල්ලේ පියාසර කිරීමට ‘ඒ’ 380 ගුවන් යානයකටත් පැය 24 කට ආසන්න කාලයක් ගතවෙයි. එහෙත් ක‍්‍රයිස්චර්ච් සිට ලන්ඩන් නුවරට විද්යුත් ලිපියක් නැතහොත් අන්තර්ජාල සංවාද සටහනක් යාමට ගතවන්නේ තත්ත්පරයක් නැතහොත් ඊටත් අඩු කාලයකි.

ලෝකය විශ්ව ගම්මානයක් යන්න සැබෑවක්මය.


අදහස් (0)

කි‍්‍රකට් කී‍්‍රඩාවේ වෙළෙඳ පොළ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.