Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කි‍්‍රකට් ආයතනය වෙනස් කරන්න බලයක් නෑ

කි‍්‍රකට් ආයතනය වෙනස් කරන්න බලයක් නෑ

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

දැනට පවතින කි‍්‍රකට් ආයතනය වෙනස් කිරීම සඳහා තමන්ට කිසිම බලයක් නැති බවත් වත්මන් නිලධාරීන් ඡන්දයකින් තේරී පත්වූ බවත් කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතා අද පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡවකදී පැවසීය.

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතන නියෝජිතයන් සමග අද පෙරවරුවේදී පැවැති සාකච්ඡවකින් අනතුරුව කී‍්‍රඩා ඇමතිවරයා මෙම පුවත් පත් සාකච්ඡවට සහභාගි විය. එම පුවත් පත් සාකච්ඡවේදී කී‍්‍රඩා ඇමතිවරයා මෙසේද පැවසීය.

”අද උදෑසන මම කි‍්‍රකට් පාලක මණ්ඩල නියෝජිතයන් සමග සාකච්ඡවක් කළා. ඒ වෙලාවේදී මම ඔවුන්ට කොන්දේසි වගයක් ඉදිරිපත් කළා. ඔවුන් ඒවට එකග වුණා. මම ඇමතිකම දරන කාලය තුළ කි‍්‍රකට් පාලක මණ්ඩලේ කිසිම වංචාවක් දූෂණයක් වෙන්න බෑ. හරියටම අකුරට ව්‍යවස්ථාවට අනුව මේක කි‍්‍රයාත්මක කරන්න  ඕනේ”

”අමාත්‍යංශය භාර ගත්තු දවසේ මම ප‍්‍රකාශයක් කළා අමාත්‍යංශය තුළ යම් කිසි අක‍්‍රමිකතාවක් සිදුවෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව කරුණු විමසීමට කමිටුවක් පත්කරනවා කියලා. මම හිතනවා මේක ඉතාම අත්‍යවශ්‍ය දෙයක් කියලා. මොකද මම කැමති නෑ බොරුවට මිනිස්සුන්ට ඇගිල්ල දික්කරලා චෝදනා කරන්න”

”අපි බලාපොරොත්තු වෙනවා යම් කිසි අයථා සිදුවීමක් සිදුවෙලා තියෙනවා නම් මේ කමිටුව හරහා ඒ සම්බන්ධයෙන් හොයන්න. මගේ අමාත්‍යංශය යටතේ තියෙන සියලූම ආයතන වල කරුණු කාරණා විමසීමට මේ කමිටුවට පූර්ණ බලතල ලැබෙනවා.  ඕනෑම ලිපි ලේඛණයක් සම්බන්ධව විමර්ශනය කිරීමට අපේ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් ප‍්‍රශ්න කිරීමට මේ කමිටුවට අයිතිය තියෙනවා”

”රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු ලේකම් වරයකු වන ධර්මසේන දිසානායක මහතා තමා මේ කමිටුවේ සභාපති වරයා වශයෙන් කටයුතු කරන්නේ. භාණ්ඩාගාරික මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ හිටපු උප ලේකම් වරයකු වන නාමසිවම් පත්මනාදන් මහතා සහ පුද්ගලික අංශයේ අධ්‍යක්ෂක වරයකු වන රුස්ලි හුසේන් මහතා තමා ඒ කමිටුවේ අනෙක් සාමාජිකයන්.

ඇමතිවරයාගේ ප‍්‍රකාශයෙන් පසුව මාධ්‍ය හමුවට පැමිණ සිටි මාධ්‍ය නියෝජිතයන් කී‍්‍රඩා ඇමතිවරයාගෙන් අසන ලද ප‍්‍රශ්න ප‍්‍රශ්න සහ ඇමතිවරයා විසින් දෙන ලද පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය
කි‍්‍රකට් නිලවරණය කල් දැමීමට ඉල්ලීමක් කරලා තියෙනවා කියලා දැනගන්න ලැබුණා. මොකක්ද ඒ සම්බන්ධයෙන් ඔබ තුමා ගන්න පියවර?

පිළිතුර
ඔව්, කි‍්‍රකට් නිලවරණය කල් දාන්න ඉල්ලීමක් කරලා තියෙනවා. මම ඒ සම්බන්ධව අගමැති තුමා සහ ජනාධිපති තුමා සමග සාකච්ඡුා කරනවා. එකම හේතුවයි තියෙන්නේ කල් දානවා නම් කල් දාන්න. ඒ තමා කි‍්‍රකට් ලෝක ක-ුසලාන තරගාවලිය. මොකද මට මතකයි ඩැරල් හෙයාර් සිදුවීම. යම් කිසි සිදුවීමක් ඇතිවුනොත් ලෝක කුසලානය අතරතුර අපිට සම්පූර්ණ වගකීම ගන්න සිදුවෙනවා නිලධාරීන් හැටියට. මට ඒ සම්බන්ධ සිද්ධි 2 ක් මතක් වෙනවා. එකක් තමා ඩැරල් හෙයාර් සිද්ධිය. අනිත් එක තමා 2007 ලෝක කුසලාන අවසන් මහ තරගය. ඒ නිසා ලෝක කුසලාන තරගාවලිය නිසාම විතරයි මම කියන්නේ නිලවරණය කල් දානවා නම් දාන්න වෙන්නේ.

ප‍්‍රශ්නය
ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය විකාශනය කරන්නේ සී. එස්. එන්. නාලිකාවේද? නැත්නම් වෙනත් නාලිකාවකද?

පිළිතුර
අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව දැනට ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය විකාශනය කිරීමේ අයිතිය ලැබිලා තියෙන්නේ සී. එස්. එන්. එකට. හැබැයි සී. එස්. එන්. එක සහ ස්ටාර් ස්පෝර්ස් අතර තියෙන ගිවිසුම ගැන අපි දන්නේ නෑ. ඒක ඒ ආයතන 2 අතර තියෙන ජාත්‍යන්තර ගිවිසුමක්. කොහොම වුනත් සී. එස්. එන්. එක ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ස්ටාර් ස්පෝර්ස් එකට යම් කිසි ගෙවීමක් කරලා නැත්නම් ඔවුන්ට පුලූවන් විකාශන අයිතිය වෙනත් නාලිකාවකට ලබාදෙන්න. ඒකට අපිට මැදිහත් වෙන්න බෑ.

ප‍්‍රශ්නය
ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණය එනවා ඉදිරියට. ඒකෙදි දැනට සිටින ඇතැම් නිලධාරීන් උත්සහ කරනවා ඔබතුමාගේ සහයෝගය ඇතුව තනතුරු වල තවදුරටත් රැුදී ඉන්න. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ තීරණය මොකක්ද?

පිළිතුර
මේ වසරේ මාර්තු 31 වැනිදා වෙනකොට සියලූම නිලවරණ තියන්න අවශ්‍යයි. කිසිම කල් දැමීමක් කරන්නේ නෑ. කල් දැම්මෝත් ඒ කි‍්‍රකට් ලෝක කුසලානය වගේ විශේෂ හේතු තියෙනවා නම් විතරයි. මම කිසිසේත් අතුරු කමිටු කාල සීමා දීර්ඝ කරන්න යන්නේ නෑ. අතුරු කමිටු වලට තව මාස 2 යි තියෙන්නේ. ඒ නිසා අලූතින් පත්වන කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල්ට මම උපදෙස් දෙනවා සියලූම නිලවරණ 31 වැනිදාට කලින් පවත්වලා ඉවර කරන්න කියලා.

ප‍්‍රශ්නය
කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ඔබ තුමා ඉදිරියේදී අනුගමනය කරන කි‍්‍රයාමාර්ගය කුමක්ද? දැනට ඒ සඳහා පත්කරන්න සුදුස්සෙක් තෝරගෙන ඉන්නවාද?

පිළිතුර
අපි දැනට ඒ සඳහා පුද්ගලයෙක් හෙයාගෙන ඉන්නවා. ඔහු රාජ්‍ය පරිපාලන සේවයේ ඉහළම ශ්‍රේණියේ නිලධාරියෙක්. නමුත් එතුමා දැනට ඉන්න තැනින් නිදහස් කරගන්නකම් මට එතුමාගේ නම කියන්න විදිහක් නෑ.

ප‍්‍රශ්නය
හිටපු කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් වරියට චෝදනා වගයක් එල්ල වෙලා තිබුණා. ඒ ගැන ඔබ තුමා මොකද කියන්නේ?

පිළිතුර
අපි ඒ චෝදනා යවලා තියෙනවා රාජ්‍ය පරිපාලනයට. ඒගොල්ලන්ගේ අනුමැතිය ලබාගන්න. බැලූ බැල්මට ඒ චෝදනා සත්‍යයි. ඒක නිසා තමා අපි අලූත් කී‍්‍රඩා අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක් පත්කරගන්න හදන්නේ.


අදහස් (1)

කි‍්‍රකට් ආයතනය වෙනස් කරන්න බලයක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.