ඕස්ටේ‍්‍රලියාව, දකුණු අප‍්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම්වල සහභාගීත්වයෙන් සිම්බාවේදී පැවැත්වෙන ත-ුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගයේදී සිම්බාවේට එරෙහිව ලකුණු ලකුණු 198 ක දැවැන්ත ජයක් ලැබීමට ඔස්ටේ‍්‍රලියාව සමත් විය.
හරාරේහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී ලකුණු 350 ක් ලබා ගත් අතර එය සිම්බාබ්වේට එරෙහිව ඔස්ටේ‍්‍රලියාව එක්දින තරගයකදී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වේ. ඔස්ටේ‍්‍රලියානු පිතිකරුවන් ලබාගත් ලකුණු 350 න් 147 ක්ම අවසන් පන්දුවාර 10 දී ලබා ගැනීම විශේෂත්වයකි.
අවසන් පන්දුවාර කිහිපයේදී සිම්බාබ්වේ පන්දු යවන්නන් දැඩි ප‍්‍රහාරයකට ලක් කළ ග්ලෙන් මැක්ස්වෙල් පන්දු 46 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර පහක් සමග ලකුණු 93 ක් ලබා ගත්තේය. ඊට අමතරව මිචෙල් මාර්ෂ් පන්දු 83 කදී හතරේ පහර හතක් සහ හයේ පහර හතරක් සමග ලකුණු 89 ක් ලබා ගැනීමට සමත් විය. ඔස්ටේ‍්‍රලියානු නිත්‍ය නායක මයිකල් ක්ලාක් ආබාධයකට ලක්වීම මත ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජෝජ් බේලි විසින් මෙහෙයවූ අතර ඔහු ලකුණු 14 කට දැවී ගියේය.
මිචෙල් මාර්ෂ් සහ ග්ලෙන් මැක්ස්වෙල් පන්දුවාර 12.1 කදී පවත්වන ලද ලකුණු 109 ක සබඳතාව ඔස්ටේ‍්‍රලියානු පිතිකරු යුගලක් ශතකය ඉක්මවා පැවැත්වූ වේගවත්ම සබඳතාව ලෙසද වාර්තා විය. පිළිතුර ඉනිම ක‍්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 152 කට දැවී ගිය අතර එහිදී හැමිල්ටන් මසකඞ්සා පමණක් ලකුණු 70 ක් ලැබීය.
ඕස්ටේ‍්‍රලියාව පන්දුවාර 50 කදී කඩුලූ 6ට ලකුණු 350 යි
(ඒරොන් ෆින්ච් 67, බ‍්‍රැඞ් හැඩින් 46, මිචෙල් මාර්ෂ් 89, ග්ලෙන් මැක්ස්වෙල් 93, ටෙන්ඩි චතරා 77/2)
සිම්බාබ්වේ පන්දුවාර 39.3 කදී සියල්ල දැවී ලකුණු 152 යි
(එම්.රාසා 33, හැමිල්ටන් මසකඞ්සා 70, ස්ටීවන් ස්මිත් 19/3)
033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.