
ශ්‍රී ලංකා 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලබන මාසයේදී ඕස්ට්‍රේලියානු සංචාරයකට සහභාගි වෙයි. ශ්‍රී ලංකා 19 න් පහළ ක්‍රීඩිකාවෝ එහිදී ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත 19 න් පහළ කණ්ඩායම් සමග විස්සයි-20 තුන්කොන් තරගාවලියකට සහභාගි වෙති.
තුන්කොන් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත යොවුන් කාන්තා කණ්ඩායම් වලට එරෙහිව එක්දින තරගයක් බැගින් ද ක්‍රීඩා කරති.
මෙම තරගවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට ඉතාමත් තරගකාරී තත්ත්වයකදී තරග කිරීමට සිදුවන අතරම ඕස්ට්‍රේලියාවේ පවතින වෙනස් වාතාවරණයක් සහිත ක්‍රීඩාංගණවලදීත් තරග කිරීමට සිදුවනු ඇත.
විස්සයි-20 තරග කාලසටහන
සැප් 20 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බ්‍රිස්බේන්හිදී
සැප් 22 - ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හිදී
සැප් 25 - ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ගෝල්ඞ් කෝස්ට් හිදී
සැප් 26 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගෝල්ඞ් කෝස්ට් හිදී
එක්දින තරග කාලසටහන
සැප් 30 - ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර බ්‍රිස්බේන්හිදී
ඔක් 01 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර බ්‍රිස්බේන්හිදී
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.