Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට

ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට

editorial - 2022 ඔක් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (31 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 42 ක් ජයක් ලැබූ ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානයට පැමිණීමට සමත් විය. එහිදී ලැබූ පරාජයට හේතුවෙන් අයර්ලන්තයට එම කාණ්ඩයේ සිවුවැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවිය.

මේ දක්වා තරග 4 කට සහභාගි වී ඇති ඕස්ට්‍රේලියාව ඉන් තරග 2 ක් ජයගෙන එක් තරගයක් පරාජය වූ අතර අතර සෙසු තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව මේ වන විට ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 5 කි. ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඔවුන්ට තවත් තරගයක් ඉතිරිව තිබේ.

තරග 4 කට සහභාගි වී ඉන් තරගයක් ජයගෙන, තරග 2 ක් පරාජයට පත්ව ඇති අයර්ලන්තය සහභාගි වූ සෙසු තරගය වැස්සට සේදී ගියේය. ඒ අනුව ඔවුන් ලබා සිටින ලකුණු සංඛ්‍යාව 3 කි. ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදින එංගලන්තයද ලකුණු 3 ක් ලබා ඇති නමුත් ශුද්ධ ලකුණු වේගය අනුව අයර්ලන්තයට වඩා පියවරක් පසුපසින් සිටියි.

මේ වට විට ලකුණු 2 ක් ලබා ‘ඒ’ කාණ්ඩයේ 5 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාවට තරගාවලිය තුළ තවදුරටත් රැදී සිටීම සඳහා හෙට (1 වැනිදා) ඇෆ්ඝනිස්ථානයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී පැවැත්වෙන තරගය අනිවාර්යෙන්ම ජයගත යුතුව තිබේ.

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාව ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.