Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඇලෙක්ස් කේරි ලබාගත් ශතකයත් (111) කැමරන් ග්‍රීන් (නොදැවී 51) ඇතුළු පසුපෙළ පිතිකරුවන්ගේ දායකත්වයත් හේතුවෙන් ලකුණු 575 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ මෙල්බර්න් ටෙස්ට් තරගයත් ජයගැනීමේ වාසිය රඳවාගෙන සිටිති. දකුණු අප්‍රිකානුවන් සිය මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 189 ට පිළිතුරු වශයෙන් කඩුලු 8 කට ලකුණු 575 ක් ලබාගත් ඕස්ට්‍රේලියාව ලකුණු 386 ක මුල් ඉනිමේ වාසියක් රඳවා ගත්තේය.
තරගයේ තුන්වැනි දිනය වන අද (28 වැනිදා) සවස දිගින් දිගටම පැවැති පොද වැස්ස නිසා ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකාව කඩුල්ලක් දැවී ලකුණු 15 ක් ලබා සිටියේය. ඉනිමක පරාජයෙන් ගැලවීමට නම්, දකුණු අප්‍රිකාව තවත් ලකුණු 371 ක් ලබාගත යුතුව තිබේ.
ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ද්විත්ව ශතකයකට (200) පසුව, සත්කාරක ඕස්ටේ්‍රලියානුවන් මෙවන් ස්ථාවර ස්ථානයකට කැඳවාගෙන ආවේ ඇලෙක්ස් කේරිගේ ශතකයයි. ශතකය ලබාගැනීමෙන් පසුවත් ක්‍රියාත්මක වූ ඇලෙක්ස් කේරි, දෙවැනි ඉනිමේදී දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගා ලකුණු ලබාගැනීමට පෙරම දුන් උඩපන්දුවත් රැකගනිමින් සංචාරක කණ්ඩායම තවදුරටත් අමාරුවේ දැම්මේය.
තියුනිස් ඩි බෘයින් ලකුණු 03 ක් ලබා සිටියදී දුන් උඩපන්දුව ඩේවිඩ් වෝනර් විසින් බිම දමනු ලැබීම හේතුවෙන් ඔහු දිනය අවසන් වන විටත් නොදැවී සිටියේය.
සිය 14 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරමින් සිටින ඇලෙක්ස් කේරිගේ පැය 4 ක ඉනිම, හතරේ පහර 13 කින් සමන්විත විය. පසුව මාකෝ ජැන්සන් යැවූ පන්දුවකට ඔහු වෙතටම උඩපන්දුවක් දෙමින් ඇලෙක්ස් කේරි දැවී ගියේය.
ඩේවිඩ් වෝනර් දවාගැනීමෙන් පසුව පන්දු 5 ක් ඇතුළතදී ලකුණු 05 කට කඩුලු 3 ක් බිම දමාගැනීමට සමත් වූ දකුණු අප්‍රිකානුවෝ තරගාවලිය සමකරගැනීම ගැන සියුම් බලාපොරොත්තුවක් දල්වා ගත්හ. ඒ වන විට කඩුලු 6 කට ලකුණු 400 ක් ලබා සිටි ඕස්ටේ්‍රලියානුවන් සතුව පැවැති වාසිය වූයේ ලකුණු 211 කි. එහෙත් 8 වැනි කඩුල්ල වනුවෙන් ලකුණු 117 ක් එක්කළ ඇලෙක්ස් කේරි සහ කැමරන් ග්‍රීන් (නොදැවී 51) දෙදෙනා තරගයේ වාසිය දකුණු අප්‍රිකානුවන්ගෙන් ඈතට ඇදගෙන ගියහ.
දකුණු අප්‍රිකානු මුල් ඉනිමේදී ලකුණු 27 කට කඩුලු 5 ක් දවාගත් කැමරන් ග්‍රීන්ගේ ඇඟිල්ලක අස්ථියක් පුපුරායාම හේතුවෙන් ඔහුට ආයෙත් මෙම තරගාවලියේදී පන්දු යැවීමේ හැකියාවක් නැති බව වෛද්‍යවරු සනාථ කළහ. එහෙත් ධෛර්යවන්තව පිත්ත අතට ගත් කැමරන්, පැය තුනහමාරකට වැඩි කාලයක් පිටියේ රැඳෙමින්, හතරේ පහර 5 ක් ද සහිතව නොදැවී ලකුණු 51 ක් ලබාගත්තේය.
දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 189 යි
ඕස්ටේ්‍රලියාව - පළමු ඉනිම කඩුලු 8 ට 575 යි
(ඩේවිඩ් වෝනර් 200, මානස් ලැබුෂේන් 14, ස්ටීවන් ස්මිත් 85, ට්‍රැවිස් හෙඩ් 51, කැමරන් ග්‍රීන් නොදැවී 51, ඇලෙක්ස් කේරි 111, නේතන් ලයන් 25, මිචෙල් ස්ටාක් නොදැවී 10, කගීසෝ රබාඩා 144/2, ඇන්රික් නොකියා 92/3)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.