Last Update  :  2025-05-07 17:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියානුවෝ 3-0 ක සුද්දයකට සැරසෙති
සිඩ්නි ටෙස්ට් තරගය

ඕස්ට්‍රේලියානුවෝ 3-0 ක සුද්දයකට සැරසෙති

editorial - 2023 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

උස්මන් කවාජාගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය පෙනි පෙනී තිබියදීත් සිය මුල් ඉනිම නතර කළ ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස්, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී 3-0 ක සම්පූර්ණ සුද්දයකට සූදානම් වෙයි. සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 475 ක් ලබාගත් ඕස්ට්‍රේලියානුවෝ අද (07 වැනිදා) දිවා ආහාරයෙන් පසුව සිය මුල් ඉනිම නතර කළහ. ඒ වන විට ආරම්භක පිතිකරු උස්මන් කවාජා නොදැවී ලකුණු 195 ක් ලබා සිටියේය.

තරගයේ සිව්වැනි දිනය වන අද සවස ක්‍රීඩාව නතර කරන විට දකුණු අප්‍රිකානු කඩුලු 6 ක් ලකුණු 149 කට බිඳ වැටී තිබිණ. තේ පානය වන විට ලකුණු 71 කට කඩුලු 3 ක් අහිමි කරගෙන සිටි දකුණු අප්‍රිකානුවෝ තේ පානයෙන් පසුව තවත් කඩුලු 3 ක් අහිමි කරගත්හ.

ස්ලිප්හි සිටි ස්ටීවන් ස්මිත් සිය දකුණු පසට පනිමින්, දකුණු අප්‍රිකානු නායක ඩීන් එල්ගාගේ උඩපන්දුවක් අති විශිෂ්ට  රැකගත් නමුත් එහි අපැහැදිළිතාව හේතුවෙන් රූපවාහිනී පුනරූපන කිහිපයකටම පසුව විනිසුරු රිචඩ් කෙට්ල්බරර් මහතා එය නොදැවීමක් යයි තීරණය කළේය. එහෙත් එල්ගාට එයන් වාසියක් ලබාගත නොහැකි වූයෙන් ලකුණු 15 ක් ලබා සිටියදී, කඩුලු රකින්නා වන අලෙක්ස් කේරි අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
 
මෙම තරගාවලිය පුරාම අසාර්ථක වූ දකුණු අප්‍රිකානු නායකයාගේ ලකුණු රැස්කිරීම සටහන් වන්නේ 3, 2, 26, 0 සහ 15 ක් ලෙසිනි.

අද දිනයේ ඕවර 59 ක් යවමින් කඩුලු 6 ක් දවාගත් ඕස්ටේ්‍රලියානුවෝ දිනය අවසන් වන විට දකුණු අප්‍රිකාවට වඩා ලකුණු 326 ක් ඉදිරියෙන් සිටිති. දකුණු අප්‍රිකානුවන් තරගය බේරා ගැනීමට නම් හෙට දිනයේ යැවිය යුතු ඕවර 98 න් ගැලවිය යුතුව තිබේ.

බ්‍රිස්බේන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු ඉනිම දෙකම ඕවර 86 කින් නිමා වූ අතර මෙල්බර්න්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකානු ඉනිම දෙකම ඕවර 137.3 කින් අවසන් විය. ලබන ජූනි මාසයේදී පැවැත්වෙන ටෙස්ට් ලෝක ශූරතා අවසන් තරගයේ ස්ථානයක් ලබාගැනීම සඳහා ඕස්ට්‍රේලියානුවෝ මෙම තරගාවලියේදී 3-0 ක ජයක් අපේක්‍ෂා කරමින් සිටිති.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම කඩුලු 2 ට 475 යි
(උස්මන් කවාජා නොදවී 195, ඩේවිඩ් වෝනර් 10, මානස් ලැබුෂේන් 79, ස්ටීවන් ස්මිත් 104, ට්‍රැවිස් හෙඩ් 70, ඇන්රික් නොකියා 55/2)

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම කඩුලු 6 ට 149 යි
(ඩීන් එල්ගා 15, සාර්ල් අර්වි 18, ටෙම්බා බවුමා 35, කායා සොන්ඩෝ 39, කයිල් වර්රීන් 19, මාකෝ ජැන්සන් නොදැවී 10, ජොස් හේසල්වුඩ් 29/2, පැට් කමින්ස් 29/3)

- 213

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ 3-0 ක සුද්දයකට සැරසෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.