ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී සිය ප්‍රධානතම වේග පන්දු යවන්නන් තිදෙනා වන මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් සහ ජොස් හේසල්වුඞ් විවේක ගැන්වීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. මේ මස අග භාගයේදී සහ පෙබරවාරි මස මුල් භාගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඔවුන්ට එම විවේකය ලබා දී ඇතැයි වාර්තා වේ.
|
මිචෙල් ස්ටාක් |
|
|
|
|
මෙම පන්දු යවන්නන් තිදෙනා වෙනුවට ජේ. රිචඞ්සන්, ජේසන් බෙරන්ඩෝෆ්, පීටර් සීඞ්ල් සහ බිලී ස්ටැලන්කේ යන ක්‍රීඩකයෝ ඕස්ට්‍රේලියානු සංචිතයට කැඳවා සිටිති.
ක්‍රීඩකයන් 14 දෙනකුගෙන් සමන්විත ඕස්ට්‍රේලියානු එක්දින සංචිතයේ නායකත්වය සඳහා ඒරන් ෆින්ච් පත්කර ඇති අතර මිචෙල් මාෂ් සහ ඇලෙක්ස් කේරි කණ්ඩායමේ උප නායකයන් ලෙස නම් කර තිබේ.
දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී අසාර්ථක වූ ක්‍රිස් ලයන්, ඩි’ආසි ෂෝට්, බෙන් මැක්ඩෙමොට් සහ ට්‍රැවිස් හෙඞ් යන ක්‍රීඩකයන්ට මෙම තරගාවලියේදී ඕස්ට්‍රේලියානු සංචිතයේ ස්ථාන අහිමිවී තිබේ. ඔවුන්ගේ ස්ථාන සඳහා උස්මාන් කවාජා, පීටර් හෑන්ඞ්ස්කොම්බ්, මිචෙල් මාෂ් සහ නේදන් ලයන් යන ක්‍රීඩකයන් සංචිතයට කැඳවනු ලැබ සිටිති.
දඟ පන්දු යවන ක්‍රීඩක ඇෂ්ටන් ආගර්ද ඕස්ට්‍රේලියානු සංචිතයෙන් ඉවතට විසිවී ඇති අතරතවත් දඟ පන්දු යවන්නකු වන නේදන් කූල්ටර්නයිල්ට පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලිය අහිමි වී තිබේ. කෙසේ වෙතත් මෙම තේරීම් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩකයකු වන ෂේන් වෝන්ගේ බලවත් විරෝධයක් එල්ල වී තිබේ. හිටපු දඟ පන්දු යවන්නා සිය ට්විටර් ගිණුමේ මෙසේ සටහනක් තබා තිබිණ.
“ඉන්දීය තරගාවලියට නම් කරලා තියෙන එක්දින සංචිතය මම දැක්කා. ඉවත් කරලා තියෙන ඇතැම් ක්‍රීඩකයන් සහ ඇතුළත් කරලා තියෙන ඇතැම් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් අගාධයට ඇද දමන මෙවැනි විහිළු සහගත තේරීම් වහාම නැවැත්විය යුතුයි කියලා මම හිතනවා.”
අවසන් වරට සහභාගි වූ එක්දින තරග 23 ක් 3 න් පමණක් ජයගෙන ඇති ඕස්ට්‍රේලියානු කණ්ඩායම, ලෝක කුසලාන තරගාවලියට පෙර තවත් එක්දින තරග 8 කට සහභාගි වීමට නියමිතය.
ඕස්ට්‍රේලියානු එක්දින සංචිතය
ඒරන් ෆින්ච් (නායක), උස්මාන් කවාජා, ෂොන් මාෂ්, පීටර් හෑන්ඞ්ස්කෝම්බ්, ග්ලේන් මැක්ස්වෙල්, මාකස් ස්ටොයිනිස්, මිචෙල් මාෂ්, ඇලෙක්ස් කේරි, ජේ රිචඞ්සන්, බිලී ස්ටැලන්කේ, ජේසන් බෙරෙන්ඩෝෆ්, පීටර් සීඞ්ල්, නේදන් ලයන් සහ ඇඩම් සම්පා
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.