Last Update  :  2025-05-04 21:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕෂධ - කමිඳු සබඳතාවයට වැස්ස හරස් වෙයි
නැෂනල් සුපර් ලීග් තරගාවලිය

ඕෂධ - කමිඳු සබඳතාවයට වැස්ස හරස් වෙයි

editorial - 2022 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර සහ ගාල්ල දෙපිල අතර මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) ආරම්භවූ නැෂනල් සුපර් ලීග් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය වර්ෂාව හේතුවෙන් පළමු දිනට අතහැර දමන විට පළමුව පන්දුවට පහරදෙමින් සිටි මහනුවර කණ්ඩායම් කඩුලු 2 ක් දැවී ලකුණු 192 ක් රැස්කර සිටියේය.

තරගය නතර කරන විට ඕෂධ ප්‍රනාන්දු ලකුණු 71 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. ඒ අනුව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 91 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔවුන් දෙදෙනා සමත්වූහ.

ආරම්භක පිතිකරු කමිල් මිෂාර ලකුණු 18 කට පිටියෙන් ඉවත්වන විට අනෙක් අන්තයේ ආරම්භක පිතිකරුවා වූ කසුන් විදුර ලකුණු 45 ක් ලබාගත්තේය.

ගාල්ල පිලේ ධනංජය ලක්ෂාන් කඩුලු 2 ක් දවාගැනීමට සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායම් පළමුව පන්දුවට පහරදීම සඳහා මහනුවර කණ්ඩායමට ආරාධනා කළේය.

මහනුවර පළමු ඉනිම - කඩුලු 2 ක් දැවී 192
(කසුන් විදුර 45, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 71, කමිඳු මෙන්ඩිස් නොදැවී 51, ධනංජය ලක්ෂාන් 29/2)


අදහස් (0)

ඕෂධ - කමිඳු සබඳතාවයට වැස්ස හරස් වෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.