Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඔමික්‍රොන් ඕස්ට්‍රේලියානු සංචාරයට හරස් වේ
නවසීලන්ත පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය

ඔමික්‍රොන් ඕස්ට්‍රේලියානු සංචාරයට හරස් වේ

editorial - 2022 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්ත කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දෙරටේ ක්‍රිකට් ආයතන අද (19 වැනිදා) ප්‍රකාශ කළේය. ඒ කොරෝනා නියමයන් හේතුවෙන් නවසීලන්ත ක්‍රීඩකයන්ට ආපසු සිය රටට පැමිණිය හැක්කේ කවදාද යන්න පිළිබඳ මතුව තිබෙන අවිනිශ්චිත තත්ත්වයක් හේතුවෙනි.

ජනවාරි 24 වැනිදා සිට පෙබරවාරි 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ මෙම සංචාරය සඳහා පර්ත්, හොබාර්ට් සහ සිඩ්නි හිදි එක්දින ජාත්‍යන්තර තරඟ තුනක් සහ කැන්බරා හිදි විස්සයි20 තරඟයක් පැවැත්වීමට නියමිතව තිබුණි. තරඟ නැවත පැවැත්වෙන්නේ කවදාද යන්න පිළිබඳව නවසීලන්ත සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන විසින් මේ වනවිට සාකච්ඡා කරමින් සිටියි.

”අපි දන්නා පරිදි, ඔමික්‍රෝන් පැමිණීම නිසා රජයෙන් කොරෝනා නියමයන් වෙනස් කිරීමට හේතු වුනා. එහි ප්‍රතිඵලයක් ලෙස පැමිණෙන සියලුම සංචාරකයින් සඳහා දින 10 ක අනිවාර්ය හුදකලා කාල සීමාවක් පනවා තිබෙනවා,” යැයි ප්‍රධාන විධායක ඩේවිඩ් වයිට් මහතා මෙහිදී පැවසීය.

තරග ප්‍රවේශපත්‍ර මිලදී ගත් අයට මුදල් ආපසු ලබා දෙන බවත්, ලබන මාසයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන විස්සයි20 ජාත්‍යන්තර තරග කාලසටහන හැකි ඉක්මනින් තහවුරු කරන බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ අතර පැවසීය.

ඕස්ට්‍රේලියාව විසින් පෙබරවාරි 11 සිට ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි20 තරඟ පහක් ක්‍රීඩා කිරීමට නියමිතය. ”ගෝලීය වසංගතයේ අද්විතීය තත්වයන් අනුව ක්‍රීඩාලෝලීන් කලකිරීමට පත් වෙනවා. ඔවුන්ගේ අවබෝධය පිළිබඳව අපි ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා,” යැයි ද ඕස්ට්‍රේලියානු ප්‍රධාන විධායක නික් හොක්ලි මහතා පැවසීය.

-2079

 


අදහස් (0)

ඔමික්‍රොන් ඕස්ට්‍රේලියානු සංචාරයට හරස් වේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.