Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ‘ඒ’ පිල මෙහෙයවීමට සහන් ආරච්චිගේ

‘ඒ’ පිල මෙහෙයවීමට සහන් ආරච්චිගේ

editorial - 2024 අප්‍රේ මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙසින් සහන් ආරච්චිගේ තෝරාගනු ලැබ ඇත. කණ්ඩායමේ උපනායකයා වශයෙන් නුවනිඳු ප්‍රනාන්දු නම්කර තිබේ. 

දකුණතින් පිට දඟ පන්දු යවන්නකු වන සහන් ආරච්චිගේ පිතිකරු ලයිස්තුවේ ඉහලින් පැමිණෙන වමත් පිතිකරුවෙකි. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 5 කට පමණක් ක්‍රීඩා කර ඇති සහන් ආරච්චිගේගේ හොඳම එක්දින ඉනිම ලෙසින් සටහන් වන්නේ නෙදර්ලන්තයට එරෙහිව හරාරේ නුවරදී ලබාගත් ලකුණු 57 යි. 

ඇෆ්ඝනිස්ථානු ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර එක්දින තරගාවලිය මේ මස 28 සහ 30 දිනවලදීත්, මැයි මස 03, 05 සහ 07 යන දිනවලදීත් හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. 


පළමුවැනි සහ දෙවැනි එක්දින තරග සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා ‘ඒ’ සංචිතය 
සහන් ආරච්චිගේ (නායක), නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු උදාර, නිශාන් මධුෂ්ක, කමිල් මිෂාර, පවන් රත්නායක, චාමික කරුණාරත්න, දුෂාන් හේමන්ත, චාමික ගුණසේකර, මොහොමඞ් ශිරාස්, වනුජ සහන්, මිනෝද් භානුක, අහන් වික්‍රමසිංහ සහ නිමේෂ් විමුක්ති

- 213


අදහස් (0)

‘ඒ’ පිල මෙහෙයවීමට සහන් ආරච්චිගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.