Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්. එස්. සී පිලට කඩුලූ 7 ක ජයක්

එස්. එස්. සී පිලට කඩුලූ 7 ක ජයක්

ශනුක අරවින්ද - 2013 දෙසැ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් කී‍්‍රඩා සමාජ එක්දින ක‍්‍රිකට් තරගාවලියේ අද (01 වැනිදා) පැවති තරගයකදී ද්‍රවිඩ සංගම් පිල පරදවා කඩුලූ 7 කින් ජය ගැනීමට එස්.එස්.සී පිල සමත්විය. මෙම තරගය එස්.එස්.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදුන් ද්‍රවිඩ සංගම් පිලට  ඕවර් 46.4 කදී සියලූ දෙනා දැවී ලබා ගතහැකිවුයේ ලකුණු 155 ක් පමණි.

ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී පිල  ඕවර 38.4 කදී කඩුලූ 3ක් පමණක් දැවී තම ඉලක්කය සපුරා ගැනීමට සමත්විය. කෞෂාල් සිල්වා (නොදැවී 74) අර්ධ ශතකයක් ලබා ගත් අතර තිළිණ කණ්ඩම්බි නොදැවී ලකුණු 47 ක් ලබා ගැනීමට සමත්විය.

ද්‍රවිඩ සංගම් පිල -  ඕවර 46.4 කදී සියලූ දෙනා දැවී 155
(රංගන හේරත් 33, රමිත් රඹුක්වැල්ල 27, කෞශාල් ලොකුආරච්චි 20/2, අමිල් ප‍්‍රසාද් 22/2, ධනුෂ්ක ගුණතිලක 22/2, ධම්මික ප‍්‍රසාද් 33/2)

එස්.එස්.සී - ඕවර 38.4 කදී කඩුලූ 3ක් දැවී 159
(කෞශාල් සිල්වා නොදැවී 74, තිළිණ කණ්ඩම්බි නොදැවී 47)

 


අදහස් (0)

එස්. එස්. සී පිලට කඩුලූ 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.