Last Update  :  2025-12-27 20:29:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්. එස්. සී. කෝල්ට්ස් අවසන් තරගයට

එස්. එස්. සී. කෝල්ට්ස් අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2014 දෙසැ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට එස්.එස්.සී පිල සුදුසුකම් ලැබීය. කෝල්ට්ස් පිල සහ එස්. එස්. සී. පිල අතර අවසන් මහ තරගය අනිද්දා (21) කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩංගණයේදී පැවැත්වේ.

ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාගංණයේ අද (19) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී එස්. එස්. සී. පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 5 කින් මුවර්ස් ක‍්‍රීඩා සමාජය පරාජය කළේය.

පළමුව පන්දුවට පහර දුන් මුවර්ස් පිල ලකුණු 230 ක් රැස් කළ අතර වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටු වන විට එස්. එස්. සී. පිල ඕවර 37 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 161 ක් ලබා ලකුණු 5 ක් ඉදිරියෙන් සිටියේය.

එස්. එස්. සී. පිලේ 19 හැවිරිදි ආරම්භක පිතිකරු මිනෝද් භානුක පන්දු 54 කදී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 52 ක් රැස් කළේය.  ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ පිතිකරු මහේල ජයවර්ධන එස්. එස්. සී. ඉනිම ආරම්භ කළ ද ලකුණු 4 කට දැවී ගියේය.

ජනක ගුණරත්න වේගවත් ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 63 කදී හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 64 ක් රැස්කරමින් මුවර්ස් පිල ලකුණු 230 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.

මුවර්ස් පිල ලකුණු 143 කට කඩුලූ 7 ක් දැවී සිටියදී ජනත ගුණරත්න සහ ඉරෝෂ් සමරසූරිය (14) එක්ව අට වැනි කඩුල්ලට ලකුණු 67 ක සම්බන්ධතාවක් පවත්වමින් ලකුණු 200 සීමාවෙන් එපිටට මුවර්ස් පිල ගෙන ගියේය.

එස්. එස්. සී. පිල නියෝජනය කරන තිසර පෙරේරාගේ  ඕවර 10 ට ලකුණු 49 ක් රැස් කිරීමට මුවර්ස් පිතිකරුවෝ සමත් වූහ.

 


මුවර්ස් ක‍්‍රීඩා සමාජය  ඕවර 50 යේදී කඩුලූ 8 ට 230
(ඕෂධ ප‍්‍රනාන්දු 35, හර්ෂ කුරේ 41, කෝසල කුලසේකර 28, ජනක ගුණරත්න නොදැවී 64, තිසර පෙරේරා 49/2, ජෙෆ්රි වැන්ඩසේ 37/2)
 
එස්. එස්. සී. පිල ඕවර 37 කදී කඩුලූ 5 ට 161
(මිනෝද් භානුක 52, තිළිණ කණ්ඩම්බි නොදැවී 47, දසුන් ශානක 35)

 

- 048

 

 


අදහස් (0)

එස්. එස්. සී. කෝල්ට්ස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.