Last Update  :  2025-12-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එස්. එස්. සී - එන්. සී. සී. අවසන් තරගයට

එස්. එස්. සී - එන්. සී. සී. අවසන් තරගයට

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය සංවිධානය කරන ප‍්‍රීමියර් ලීග් එක්දින කි‍්‍රකට් තරගාවලියේ අද (19 වැනිදා) පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාගම කී‍්‍රඩා සමාජය පරදවා කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට එස්. සී. සී. කී‍්‍රඩා සමාජය සමත්විය. මෙම තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ. ඒ අනුව ලබන සෙනසුරාදා (28 වැනිදා) කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී එස්. එස්. සී. පිල සහ එන්. සී. සී. කී‍්‍රඩා සමාජයට එරෙහිව තරගවැදීමට නියමිතය.

ලකුණු 239 ක ජයග‍්‍රාහී ඉලක්කයක් එස්. සී. සී. කී‍්‍රඩා සමාජ කණ්ඩායමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී, කඩුලූ 8 ක් පමණක් දැවී එම ඉලක්කය සපුරාලීමට හැකිවිය.

එහිදී එස්. සී. සී. කී‍්‍රඩා සමාජ කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක කෞෂාල් සිල්වා පන්දු 126 කදී නොදැවී ලකුණු 102 ක් රැස්කළ අතර හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් ඔහු එම ඉනිම අලංකාර කළේය.

එස්. සී. සී. කී‍්‍රඩා සමාජ කණ්ඩායමේ කිසිදු මුල් පෙළ පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යෑමට රාගම කී‍්‍රඩා සමාජ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉඩනොදුන් නමුත් හුදෙකලා ඉනිමක නරතවූ කෞෂාල් සිල්වා සමග එක්වූ ධම්මික ප‍්‍රසාද් (නොදැවී 31) 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් තම කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේය.

එස්. සී. සී. කී‍්‍රඩා සමාජ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රාගම කී‍්‍රඩා සමාජ කණ්ඩායම  ඕවර 50 අවසානයේ කඩුලූ 8 ක් දැවී ලකුණු 238 ක් රැස්කළේය. එහිදී සමීර ද සොයිසා පන්දු 75 කදී ලකුණු 75 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 7 ක් ඇතුළත්විය. සමීරගේ කඩුල්ලද සමගින් ලකුණු 48 කට කඩුලූ 3 ක් දවාගැනීමට ධම්මික ප‍්‍රසාද් සමත්විය.


රාගම කී‍්‍රඩා සමාජය -  ඕවර 50 කදී කඩුලූ 8 කට 238
(ධනංජය ද සිල්වා 16, ලහිරු මලින්ත 22, ඉයන් ඩැනියෙල් 33, චානක විජේසිංහ 30, සමීර ද සොයිසා 75, මාලිංග බණ්ඩාර 28, ධම්මික ප‍්‍රසාද් 48/3, රමේෂ් මෙන්ඩිස් 41/2)

එස්. සී. සී. කී‍්‍රඩා සමාජය -  ඕවර 49.2 කදී කඩුලූ 8 කට 242
(මහේල ජයවර්ධන 16, කෞෂාල් සිල්වා 102, චාමර කපුගෙදර 18, ධම්මික ප‍්‍රසාද් 31, අසංක සිල්වා 34/2, නිලංක පේ‍්‍රමරත්න 44/2, සජීව වීරකෝන් 46/2)

- 036

 


අදහස් (0)

එස්. එස්. සී - එන්. සී. සී. අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.