Last Update  :  2024-05-14 18:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එල්.පී.එල්. තරගාවලිය අගෝස්තුවේ

එල්.පී.එල්. තරගාවලිය අගෝස්තුවේ

editorial - 2023 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

එල්.පී.එල්. තරගාවලියේ සිව්වැන්න ලබන ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ජූලි මාසයේදී ටෙස්ට් තරග දෙකක් සඳහා පාකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන අතර එල්.පී.එල්. තරගාවලිය එයින් පසුව පැවැත්වෙනු ඇත. 

පෞද්ගලික හිමිකම් ඇති කණ්ඩායම් 5 ක් සහභාගි වන මෙම තරගාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීත්, පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට නියමිතය. 

කණ්ඩායමක් ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත වන අතර ඊට ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් 14 දෙනකු සහ විදේශීය ක්‍රීඩකයන් 6 දෙනකු ඇතුළත් කෙරේ. 

එල්.පී.එල්. තරගාවලිය සඳහා ජූලි මස 31 වැනිදා සිට අගෝස්තු මස 22 වැනිදා දක්වා අතර කාලය වෙන්කර තිබේ. එම කාලය වෙන්කර ඇත්තේ තරගාවලිය වෙනුවෙන් උපරිම විදේශීය ක්‍රීඩකයන් පිරිසක් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිවය. අදාළ කාලය විදේශීය ක්‍රීඩකයන්ට කාර්ය බහුල නොවන කාල පරිච්ඡේදයක් ලෙසින් සැලකේ. එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග කාලසටහනටත් බාධා නොවන පරිදි සකස් කර ඇත. 

“අපි හැකි ඉක්මනින් මෙවර තරගාවලිය හා සම්බන්ධවීමේ දොරටු ක්‍රීඩකයන්ට විවෘත කරනවා. ඉන් පස්සේ එක් එක් ක්‍රීඩකයන්ගේ දස්කම්, වාර්තා අදිය සොයා බලලා, ක්‍රීඩකයන් 300 ක් 350 ක් අතර පිරිසක් ලයිස්තුගත කරනවා. ක්‍රීඩක වෙන්දේසියට යන්නේ ඉන් පසුවයි” යයි තරගාවලියේ අධ්‍යක්‍ෂක සමන්ත දොඩන්වල මහතා පැවසීය. 

තරගාවලිය නැවතත් ජූලි - අගෝස්තු මාසවලට ගෙන ඒම මෙම තරගාවලිය ආරම්භ කරද්දී සැලසුම් කරන ලද කාල වකවානුවට නැවතත් පැමිණීමකි. 


අදහස් (0)

එල්.පී.එල්. තරගාවලිය අගෝස්තුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.