එන්.සී.සී ක‍්‍රීඩාංගණයේදී පැවැත්වුණු ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කළ ප‍්‍රීමියර් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඊයේ (09 වැනිදා) පැවති තරගයේදී එන්.සී.සී පිල පරදවා ලකුණු 12 කින් ජය ගැනීමට මුවර්ස් පිල සමත් විය.
එන්.සී.සී පිල කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහරදීමට මුවර්ස් පිලට ආරාධනා කළ අතර ඕවර 50 කදී කඩුලූ 5 ක් දැවී ලකුණු 284 ක් රැස් කිරීමට සමත්විය. පන්දු 117 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 114 ක් රැස් කිරීමට ශෙහාන් ජයසූරිය සමත්වු අතර ඕෂධ ප‍්‍රනාන්දු (71) සමග එක්ව දෙවන කඩුල්ල සදහා ලකුණු 186 ක සම්බන්ධතාවයක් ගොඩ නගන්නටද සමත් වූහ.
ලකුණු 285 ක ඉලක්කයක් හඹාගිය එන්.සී.සී පිල ඕවර 50 අවසානයේදී කඩුලූ 9ක් දැවී ලබා ගත හැකිවුයේ ලකුණු 272 ක් පමණි. පන්දු 141 කදී හතරේ පහර 12 ක් සමගින් ලකුණු 119 ක් රැුස් කිරීමට උපුල් තරංග සමත්වු අතර ඇන්ජලෝ පෙරේරා (51) අර්ධ ශතකයක් රැස් කිරීමට සමත්විය. මාලින්ද පුෂ්පකුමාර කඩුලූ 4 ක් සහ ජනක ගුණරත්න කඩුලූ 3 ක් ලබා ගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුහ.
මුවර්ස් ඕවර 50 කදී කඩුලූ 5ක් දැවී 284
(ශෙහාන් ජයසූරිය 114, ඕෂධ ප‍්‍රනාන්දු 71, ජනක ගුණරත්න නොදැවී 33, චමින්ද විදානපතිරණ 50/2)
එන්.සී.සී ඕවර 50 කදී කඩුලූ 9ක් දැවී 272
(උපුල් තරංග 119, ඇන්ජලෝ පෙරේරා 51, මාලින්ද පුෂ්පකුමාර 30/4, ජනක ගුණරත්න 44/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.