වයස අවුරුදු 23 න් පහළ පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේ ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට එන්.සී.සී. කණ්ඩායම සමත්ව ඇති අතර පළමු කාණ්ඩයේ ‘බී’ කොටසින් එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජය පෙරමුණ ගෙන තිබේ.
එන්.සී.සී. කණ්ඩායම සහභාගි වූ තරග හයෙන් පුර්ණ ජයග‍්‍රහණ හතරක් සහ පළමු ඉනිමේ එක් ජයක් සමග ප‍්‍රසාද ලකුණු 84.045 ක් ලබා ‘ඒ’ කොටසින් පෙරමුණට පැමිණ තිබේ. ‘බී’ කොටසින් පෙරමුණ ගෙන සිටින එස්.එස්.සී. ක‍්‍රීඩා සමාජය තරග හයකදී පුර්ණ ජයග‍්‍රහණ හතරක් සහ පළමු ඉනිමේ ජයග‍්‍රහණ දෙකක් සමග ප‍්‍රසාද ලකුණු 89.290 ක් ලබා පෙරමුණ ගෙන තිබේ.
පළමු කොටසේ ‘ඒ’ කාණ්ඩයේ දෙවැනි ස්ථානය මුවර්ස් (ප‍්‍රසාද ලකුණු 83.945) කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය (ප‍්‍රසාද ලකුණු 54.120) කණ්ඩායමටත්, සිව්වැනි ස්ථානය සී.සී.සී. (ප‍්‍රසාද ලකුණු 49.520) කණ්ඩායමටත්, පස්වැනි ස්ථානය කෝල්ට්ස් (ප‍්‍රසාද ලකුණු 44.265) කණ්ඩායමටත්, හයවැනි ස්ථානය මුවර්ස් (ප‍්‍රසාද ලකුණු 41.615) සහ හත්වැනි ස්ථානය යුද හමුදා (ප‍්‍රසාද ලකුණු 30.835) කණ්ඩායමටත් හිමිව තිබේ.
පළමු කාණ්ඩයේ ‘බී’ කොටසේ දෙවැනි ස්ථානය නාවික හමුදා (ප‍්‍රසාද ලකුණු 70.355) කණ්ඩායමටත්, තෙවැනි ස්ථානය රාගම (ප‍්‍රසාද ලකුණු 64.590) කණ්ඩායමටත්, සිව්වැනි ස්ථානය ගුවන් හමුදා (ප‍්‍රසාද ලකුණු 48.430) කණ්ඩායමටත්, පස්වැනි ස්ථානය ටැමිල් යුනියන් (ප‍්‍රසාද ලකුණු 42.665) කණ්ඩායමටත්, හයවැනි ස්ථානය මීගමුව (ප‍්‍රසාද ලකුණු 35.255) කණ්ඩායමට සහ අවසන් ස්ථානයට බ්ලූම්ෆීල්ඞ් (ප‍්‍රසාද ලකුණු 20.145) කණ්ඩායමටත් හිමිව තිබේ.
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.