ලෝකයේ නැගී එන ගුවන් සමාගම් අතර ඉදිරියෙන්ම සිටින ගුවන් සමාගමක් වන ‘එටිහැඩ් එයාර්වේස්’ හි ක්‍රිකට් කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත විය. සුහද තරග 3 කින් සමන්විත තරගාවලිය ‘එටිහැඩ් එයාර්වේස්’ ක්‍රිකට් කණ්ඩායම සහ සැරසන්ස් ක්‍රීඩා සමාජය අතර කොම්පඤ්ඤවීදියේ පිහිටි ගුවන් හමුදා පිටියේදී පැවැත්විණ.
සැරසන්ස් පිල වෙනුවෙන් දිනුක කරන්නාගොඩ පන්දුවෙන් මෙන්ම පිත්තෙන් දස්කම් දැක්වීය. ලෝකයේ විවිධ රටවලින් පැමිණ එටිහැඩ් එයාර්වේස් පිලට එක්වූ ක්‍රීඩකයන් අතුරින් නායක අර්ෂාඩ් ඛාන්, මොහොමඩ් ශරීෆ්, රහීල් සාදා සහ දර්ශන පීරිස් සංචාරක කණ්ඩායම වෙනුවෙන් දස්කම් දැක්වූහ.

සංචාරක එටිහැඩ් එයාර්වේස් ක්‍රිකට් කණ්ඩායම ගුවන් හමුදා ක්‍රීඩා පිටියේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.