Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එක්දින තරගයේ ජය තර්ස්ටන් විදුහලට

එක්දින තරගයේ ජය තර්ස්ටන් විදුහලට

editorial - 2023 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


(ශානුක අරවින්ද)

කොළඹ තර්ස්ටන් විදුහල සහ ඉසිපතන විදුහල අතර ඩබ්ලිව්.ඒ. ද සිල්වා අනුස්මරණ කුසලාන වෙනුවෙන් 43 වැනි වරට පැවැති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට තර්ස්ටන් විදුහල සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කයක් හඹාගිය තර්ස්ටන් විදුහල ඕවර 43.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

එහිදී විහස් තෙව්මික හතරේ පහර 5 ක් සමග ලකුණු 44 ක්ද, තනුජ රාජපක්ෂ හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද, නායක ශානික්‍ය දේෂප්‍රිය හතරේ පහර 4 ක් සමග ලකුණු 34 ක්ද රැස්කළ අතර නවිඳු ප්‍රනාන්දු හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 28 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉසිපතන විදුහලට තර්ස්ටන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 50 අවසන් වන විට කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 209 ක් පමණි. එහිදී අසීම් මොහොමඩ් සහ තනුග පළිහවඩන කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වූහ.

ඉසිපතන විදුහලේ වැඩිම ලකුණු ලාභීන් වූ තේමිය නෙත්මික හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 44 ක්ද, තරුෂ්ක අෂේල් හතරේ පහර 4 ක් සමග ලකුණු 44 ක්ද රැස්කළහ. කෙසේ වුවත් තරගයක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා සිය කණ්ඩායම ගෙන යෑමට ඔවුන් දෙදෙනාට නොහැකි වූහ.
 
පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දැක්වූ තර්ස්ටන් විදුහලේ විහස් තෙව්මික තරගයේ වීරයා මෙන්ම දක්ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනාගත් අතර දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන දිනාගනු ලැබුවේ තර්ස්ටන් විදුහලේම අසීම් මොහොමඩ් විසිනි.


ඉසිපතන විදුහල - ඕවර 50 කදී කඩුලු 9 කට 203
(තරුෂ්ක අෂේල් 44, තේමිය තෙන්මික නොදැවී 44, ලෙසඳු කල්පගේ 22, අසීම් මොහොමඩ් 27/2, තනුග පළිහවඩන 38/2)

තර්ස්ටන් විදුහල - ඕවර 43.5 කදී කඩුලු 6 කට 204
(විහස් තෙව්මික 44, තනුග රාජපක්ෂ 34, ශානික්‍ය දේශප්‍රිය 34, තේනුක දේශප්‍රිය 32, නවිඳු ප්‍රනාන්දු නොදැවී 28, සහන් විරාජ් 37/2, යෙෂිත් කළුපහන 41/2)

 


අදහස් (0)

එක්දින තරගයේ ජය තර්ස්ටන් විදුහලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.