ලෝක කුසලාන තරගාවලියේ හත්වැනි දිනය වූ අද (20 වැනිදා) එංගලන්ත පිලට එරෙහිව ලබාගත් කඩුලූ 8 ක දැවැන්ත ජයත් සමගින් නවසීලන්ත කණ්ඩායම ප‍්‍රසාද ලකුණු 6 ක් ලබාගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණ ගත්තේය. එහෙත් මෙම තරගයේදී එංගලන්ත පිලට අත්වූ ඛේදජනක පරාජය නිසා අති විශාල ශූද්ධ ලකුණු අවාසියකට මුහුණ දුන් එංගලන්ත පිල ප‍්‍රසාද ලකුණු සටහනේදී ‘ඒ’ කාණ්ඩයේ පතුළටම ඇද වැටුණු අතර ස්කොට්ලන්තය සහ ඇෆ්ඝනිස්ථානයත් එංගලන්තයට ඉහළින් සිටිති.
අද පැවැති තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත පිල ලකුණු 123 කට දැවී ගිය අතර ජයග‍්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණ සංඛ්‍යාව ඕවර 12.2 කදී ලබාගත් නවසීලන්ත පිල ඕවරයකදී ලකුණු 10.13 ක වේගයක් සටහන් කරගත්තේය.
එංගලන්ත පිල මෙතෙක් සහභාගි වූ තරග දෙකේදී ( ඕස්ටේ‍්‍රලියාවට සහ නවසීලන්තයට එරෙහිව) ඕවර 100 කදී ලබාගෙන ඇත්තේ ලකුණු 354 කි. එහෙත් එංගලන්ත පන්දු යවන්නන් හමුවේ ඕවර 62.2 කදී ලකුණු 467 ක් උදුරාගැනීමට ප‍්‍රතිවාදී පිතිකරුවන් සමත් වී තිබේ. ඒ අනුව එංගලන්ත පිලේ ශූද්ධ ලකුණු වේගය -3.952 කි
ප‍්‍රසාද ලකුණු පුවරුව
| ලෝක කුසලාන 2015 - ප්‍රසාද ලකුණු පුවරුව | |||||||
| 2015.02.20 දා - එංගලන්ත /නවසීලන්ත තරගය නිමා වීමෙන් පසු | |||||||
| ‘ඒ‘ කාණ්ඩය | |||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ. | ශු.ල.වේ. | ප්‍ර.ලකුණු |
| නවසීලන්තය | 3 | 3 | 0 | - | - | 3.586 | 6.00 |
| ඕස්ට්‍රෙලියාව | 1 | 1 | 0 | - | - | 2.220 | 2.00 |
| බංග්ලාදේශය | 1 | 1 | 0 | - | - | 2.100 | 2.00 |
| ශ්‍රී ලංකාව | 1 | 0 | 1 | - | - | -1.960 | - |
| ඇෆ්ගනිස්ථානය | 1 | 0 | 1 | - | - | -2.100 | - |
| ස්කොට්ලන්තය | 1 | 0 | 1 | - | - | -3.039 | - |
| එංගලන්තය | 2 | 0 | 2 | - | - | -3.952 | - |
| ‘බී‘ කාණ්ඩය | |||||||
| කණ්ඩායම | තරග | ජය | පරාජ | සම | වි.නැ. | ශු.ල.වේ. | ප්‍ර.ලකුණු |
| ඉන්දියාව | 1 | 1 | 0 | - | - | 1.520 | 2.00 |
| දකුණු අප්‍රිකාව | 1 | 1 | 0 | - | - | 1.240 | 2.00 |
| අයර්ලන්තය | 1 | 1 | 0 | - | - | 0.618 | 2.00 |
| සිම්බාබ්වේ | 2 | 1 | 1 | - | - | -0.495 | 2.00 |
| එක්සත් අරාබි ජනපදය | 1 | 0 | 1 | - | - | -0.258 | - |
| බටහිර ඉන්දීය කොදෙව් | 1 | 0 | 1 | - | - | -0.618 | - |
| පාකිස්තානය | 1 | 0 | 1 | - | - | -1.520 | - |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.