Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ධෛර්වයත් පිතිහරඹයක නිරත වූ ඉන්දිය පිතිකරුවෝ ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන අද (ඉරිදා) සියලුදෙනාම දැවී ලකුණු 466 ක් රැස්කිරීමට සමත්වූහ. ඒ අනුව ජයග්‍රහණය සඳහා එංගලන්තයට ලකුණු 368 ඉලක්කයක් හිමිවිය.
මුල් ඉනිමේදී ලකුණු 96 ක අවාසියකට මුහුණ දුන් නමුත් රෝහිත් ෂර්මා (127) සහ චෙටේස්වාර් පුජාරා එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 153 ක සම්බන්ධතාව හේතුවෙන් ඉන්දියානුවෝ හිස් ඔසවාගත්හ. කෙසේ වෙතත් පිටියේ රැඳී සිටි ඉන්දියානුවන්ගේ අවසන් පිළිගත් පිතිකරුවා වන රිෂාබ් පන්ට් සහ වේග පන්දු යවන ශර්දුල් ඨාකූර් එක්ව 7 වැනි කඩුල්ල සඳහා තවත් ලකුණු 100 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට සමත්වූහ.
මුල් ඉනිමේදී වේගවත් ලකුණු 57 ක් ලබාගත් ශර්දුල් ඨාකූර් දෙවැනි ඉනිමේදීද තවත් අර්ධ ශතකයක් (60) ලබාගැනීමට සමත් වූවත් ඔහු කණ්ඩායමට එක්ව සිටින්නේ පන්දු යවන්නකු ලෙසිනි. නමුත් මේ වනවිට ඔහු තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වමින් සිටින්නේය.
අර්ධ ශතකයක් ලබාගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදුන් කඩුලු රකින්නා වන රිෂාබ් පාන්ට් අර්ධ ශතකයක් (50) ක් ලබාසිටියදී මොයින් අලීගේ පන්දුවක් හමුවේ ඔහුටම උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.
නායක විරාට් කෝලි සහ රවීන්ද්‍ර ජදේජා අතර පැවැති සිව්වැනි කඩුල්ල වෙනුවෙන් වූ සම්බන්ධතාව ලකුණු 59 ක් වී තිබිණ. එහෙත් මාස 12 කට පසුව ටෙස්ට් පිටියට පිවිසි ක්‍රිස් වෝක්ස් නැවත කැඳවූ එංගලන්ත නායකයා ඔහුගෙන් කඩුලු දෙකක්ම දවාගත්තේය.
ජදේජාව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගත් වෝක්ස් එයින් පන්දු 3 කට පසුව අජින්ක්‍යා රහනේගේ ඉනිමත් නිමා කළේ ඉන්දීය උපනායකයාට ලකුණක් හෝ ලබාගැනීමට අවසර නොදෙමිනි. ලකුණු 55 කට කඩුලු 4 ක් දවාගනිමින් ඉන්දීය මුල් ඉනිම විනාශ කළ වෝක්ස් එංගලන්ත පන්දු යවන්නන් අතර හොඳම පන්දු යවන්නා වී සිටියේය.
ආක්‍රමණශීලී පිතිකරුවකු වන රිෂාබ් පන්ට් වමත්කාරයකු වන හෙයින් එංගලන්ත නායකයා සිය පිට දඟ පන්දු යවන්නා වන මොයින් අලී කැඳවිය. ප්‍රතිඵලය වූයේ ඉතා ඉක්මනින්ම විරාට් කෝලි දැවී යාමයි. පිට පිටම ලබාගත හැකිව තිබූ තුන්වැනි අර්ධ ශතකය අහිමි කරගත් ඉන්දීය නායකයා ලකුණු 44 කට දැවී ගියේය.
ජයග්‍රහණය සඳහා ලකුණු 368 ක ඉලක්කයක් හඹායන එංගලන්තය අද සිව්වැනි දිනයට තරගය අවසන් කරන විට කිසිවකු නොදැවී ලකුණු 77 ක් ලබාගැනීමට සමත්විය. රොරී බර්න්ස් ලකුණු 31 ක් සහ හසීබ් හමීඩ් ලකුණු 43 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
තරගයේ පස්වැනි සහ අවසන් දිනයේදී එංගලන්තය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 291 ක් ලබාගත යුතුව ඇත.
ඉන්දියාව - පළමු ඉනිම 191 යි
එංගලන්තය - පළමු ඉනිම 290 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම සියලුදෙනා දැවී 466
(රෝහිත් ෂර්මා 127, ලෝකේෂ් රාහුල් 46, චෙටේස්වාර් පුජාරා 61, විරාට් කෝලි 44, රවීන්ද්‍ර ජදේජා 17, රිෂාබ් පන්ට් 50, ශර්දුල් ඨාකූර් 60, උමේෂ් යාදව් 25, ජස්ප්‍රීට් බුම්රා 24, ජේම්ස් ඇන්ඩසන් 79/1, ඔලී රොබින්සන් 105/2, ක්‍රිස් වෝක්ස් 83/3, මොයින් අලි 118/2, ජෝ රූට් 16/1)
එංගලන්තය - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 77
(රොරී බර්න්ස් නොදැවී 31, හසීබ් හමීඩ් නොදැවී 43)
ඔලී රොබින්සන්...
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.