සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (8 වැනිදා) එංගලන්ත පළමු ඉනිම ලකුණු 194 කට සීමා කිරීමට කේමර් රෝච් ප්‍රමුඛ කොදෙව් පන්දු යවන්නෝ සමත් වූහ. එහෙත් පළමු ඉනිමේදී කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 71 ක ඉදිරියක් ලබාගැනීමට එංගලන්තයට හැකි විය.
එහිදී එංගලන්ත පිතිකරුවන් 5 දෙනෙක්ම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට මත්තෙන් පිටියෙන් ඉවත් කිරීම තරම් කොදෙව් පන්දු යවන්නෝ ආක්‍රමණශීලී වූහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ කේමර් රෝච් ලකුණු 72 කට කඩුලු 5 ක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් පීඩනයට පත් කළේය. එංගලන්ත ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා රෝච්ට අනගි සහායක් දුන් නායක ජේසන් හෝල්ඩර් ලකුණු 54 කට කඩුලු 4 ක් දවාගත්තේය.
එංගලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ බෙන් ස්ටොක්ස් හතරේ පහර 10 ක් සමගින් ලකුණු 60 ක් රැස්කළ අතර ස්ටුවට් බ්‍රෝඞ් වේගවත් ලකුණු 38 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. එංගලන්ත ඉනිම සුනුවිසුණු කර දැමූ රෝච්ගේ සහ හෝල්ඩර්ගේ පන්දුවලට සාර්ථක ලෙස පහරදුන් ස්ටොක්ස්, දැවී ගියේ ශැනෝන් ගේබි්‍රයෙල්ගේ පන්දුවක් කඩුල්ලේ දැවටීමෙනි.
දෙවැනි දිනය වූ ඊයේ (7 වැනිදා) තරගය තතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 46 ක් ලබා සිටි කොදෙව් කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 148 ක් පමණි.
බටහිර ඉන්දීය කොදෙව් පළමු ඉනිම - සියලු දෙනා දැවී 123
(කිරන් පවෙල් 39, ශායි හෝප් 29, රොස්ටන් චේස් 18, බෙන් ස්ටොක්ස් 22/6, ජේම්ස් ඇන්ඩසන් 31/2, රෝලන්ඞ් ජෝන්ස් 32/2)
එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 194
(ඬේවිඞ් මෙලන් 20, බෙන් ස්ටොක්ස් 60, ජොනී බෙයාස්ට්‍රෝ 21, ස්ටුවට් බ්‍රෝඞ් 38, කේමර් රෝච් 72/5, ජේසන් හෝල්ඩර් 54/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.