Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය පරාජයේ අභියස

එංගලන්තය පරාජයේ අභියස

editorial - 2021 ජුනි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව බර්මින්හැම් නුවර එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (12 වැනිදා) තරගය අවසන් කරන විට එංගලන්තය සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 9 ක්ට ලකුණු 122 ක් රැස්කර ගෙන තිබුණි. තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 18 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායම දිනය අවසන් කරන විට තවත් ලකුණු 104 ක් තුල කඩුලු 7 ක් අහිමිකර ගත්තේය.

ඒ අනුව නවසීලන්තයට වඩා ලකුණු 37 ක් ඉදිරියෙන් සිටින එංගලන්තයට ඉතිරිව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණි. නොදැවී කඩුල්ලේ රැදී සිටින ඔලී ස්ටෝන් ලකුණු 15 ක් රැස්කරගෙන ඇති අතර අවසන් පිතිකරුවා ලෙස පිටියට පිවිසින් ජේම්ස් ඇන්ඩර්සන් තවමත් ලකුණු ලබාගැනීම ආරම්භ කර නොමැත.

මැට් හෙන්රි සහ නීල් වැග්නර් කඩුලු 3 බැගින්ද, අජාස් පතෙල් කඩුලු 2 ක් සහ ට්‍රෙන්ට් බෝල්ට් කඩුල්ලක් දවාගනිමින් එංගලන්ත පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.

නවසීලන්තය සියලුදෙනා දැවී සිය පළමු ඉනිම සඳහා ලකුණු 388 ලබාගත්තේය. තිදෙනකුම ශතක පෙනි පෙනී දැවී ගිය නමුත් නවසීලන්ත කණ්ඩායම ලකුණු 85 ක මුල් ඉනිමේ වාසියක් ලබාගත්තේය. 

රොස් ටේලර් ලබාගත් ලකුණු 80 හේතුවෙන් නවසීලන්ත කණ්ඩායම අද දිවා ආහාරය වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 326 ක් ලබා සිටියද ලකුණු 53 ක් ඇතුළත අවසන් කඩුලු 5 ම බිඳ වැටිණ. එහෙත් අද දිනයේ දිවා ආහාරයට පෙර ලකුණු 97 ක් ලබාගත් නවසීලන්ත පිලට අහිමි වූයේ කඩුලු 2 ක් පමණි.

නවසීලන්ත කඩුලු රකින්නා වූ බ්ලන්ඩල් ලකුණු ලබාගැනීමට පෙර දුන් පහසු උඩපන්දුවක් නවක කඩුලු රකින්නා වූ ජේම්ස් බ්‍රේසි විසින් අතහරිනු ලැබීම නිසා කඩුලු රකින්නා නවසීලන්ත ලකුණු සංඛ්‍යාව 361 දක්වා තල්ලු කරගෙන ගියේය.

ඩෑන් ලෝරන්ස්ගේ පන්දුවකට ස්විප් පහරක් ගසමින් රොස් ටේලර් සිය අර්ධ ශතකය ලබාගත් නමුත් එය ඔහුගේ අවසන් ටෙස්ට් ඉනිම 15 න් පැමිණි දෙවැනි අර්ධ ශතකය විය. එසේ වුවත් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගය පෙනි පෙනී තිබියදී, නායක කේන් විලියම්සන්ද නැතිව, ලකුණු 388 ක් කරා යාමට නවසීලන්ත පිලට හැකිවීම සතුට දනවන්නකි. ලකුණු 68 දී රොස් ටේලර් දවාගත හැකි අවස්ථාවක් තිබුණද ස්ටුවර්ට් බ්‍රෝඩ්ගේ පන්දුවකට ගැසූ හුක් පහරකින් ඉහළ ගිය පන්දුව සෑම් බිලිංග්ස් බිම දැම්මේය.

කෙසේ වෙතත් ලකුණු 80 දී ඔලී ස්ටෝන්ට ගොදුරු වූ රොස් ටේලර් සිව්වැනි වතාවටත් එංගලන්තයේ ලබාගත හැකිව තිබූ ටෙස්ට් ශතකයක් මඟහැර ගත්තේය.


එංගලන්තය - පළමු ඉනිම 303 යි
නවසීලන්තය - පළමු ඉනිම 388 යි.

(ඩෙවොන් කොන්වේ 80, විලියම් යංග් 82, රොස් ටේලර් 80, හෙන්රි නිකොල්ස් 21, ටොම් බ්ලන්ඩල් 34, මැතිව් හෙන්රි 12, අජාස් පතෙල් 20, ටේ‍රන්ට් බෝල්ට් නොදැවී 12, ස්ටුවර්ට් බ්‍රෝඩ් 48/4, මාක් වුඩ් 85/2, ඔලී ස්ටෝන් 92/2)
එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 2 ට 18 යි

 


අදහස් (0)

එංගලන්තය පරාජයේ අභියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.