Last Update  :  2025-05-10 21:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය ආයෙත් අමාරුවේ වැටෙයි
අළු බඳුන

එංගලන්තය ආයෙත් අමාරුවේ වැටෙයි

editorial - 2022 ජන මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පස්වැනි අළු බඳුන තරගයේදීත් පිතිකරුවන් අසාර්ථක වීම හේතුවෙන් එංගලන්තය අමාරුවේ වැටී සිටිී. හොබාර්ට් නුවර බෙලරිව් ඕවල් පිටියේදී පැවැත්වෙන දිවා/රාත්‍රී තරගයේ දෙවැනි දිනය වන අද තේ පානයෙන් මඳ වේලාවකට පසුව එංගලන්තය ලකුණු 188 කට දැවී ගියේ ලකුණු 115 ක වාසියක් ඕස්ට්‍රේලියානුවන්ට ඉතිරි කරමිනි. 

දෙවැනි ඉනිම වෙනුවෙන් අද තරගය නතර කරන විට ඕස්ට්‍රේලියාව කඩුලු 3ක් දැවී ලකුණු 37 ක් ලබා ගත්තේය. ඕස්ට්‍රේලියාව මේ වනවිට කඩුලු 7ක් අතැතිව ලකුණු 152 ක් ඉදිරියෙන් සිටියි. 

තවමත් තරගයේ දෙවැනි දිනය නිමා වී නොමැති හෙයින් ඕස්ට්‍රේලියානුවන් සතුවන මෙම ලකුණු 115, එංගලන්ත පිල පීඩනයට ලක්කිරීම සඳහා විශාල බලපෑමක් ඇතිකරනු නිසැකය. 

තේ පානය වන විටත් එංගලන්තය ලකුණු 124 කට කඩුලු 6 ක් අහිමිකරගෙන තිබිණ. ඒ වන විටත් කඩුල්ලේ රැඳී සිටි කෝඩුකාර කඩුලු රකින්නා වන සෑම් බිලින්ග්ස් ලකුණු 29 කට දැවී ගිය අතර ක්‍රිස් වෝක්ස් ලකුණු 5 ක් ලබාගන්නා අතරේ ඔහුගේ උඩපන්දු දෙකක්ම ඕස්ට්‍රේලියානුවන් අතින් බිම වැටිණ. 

දෙවරක්ම වාසනාව පෑදීමෙන් ඉදිරියට ගිය වෝක්ස් ලකුණු 36 ක් ලබාගත්තේ එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකණු ලබාගත් පිතිකරුවා වෙමිනි. එංගලන්තය වරෙක කඩුලු 7 ක් දැවී ලකුණු 182 ක් ලබා සිටි නමුත් මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් දෙදෙනා ලකුණු 6 ක් ඇතුළතදී අවසන් පිතිකරුවන් තිදෙනාම ආපසු ක්‍රීඩාගාරයට යැවූහ. 

තරගයේ පළමු දිනයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 241 ක් ලබාසිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද තරගය ආරම්භ වීමෙන් පසුව ලකුණු 303 කට දැවී ගියේය. 


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 303 යි
(මානස් ලැබුෂේන් 44, ට්‍රැවිස් හෙඩ් 101, කැමරන් ග්‍රීන් 74, ඇලෙක්ස් කේරි 24, නේතන් ලයන් 31, ස්කොට් බෝලන්ඩ් 10, ස්ටුවර්ට් බ්‍රෝඩ් 59/3, ඔලී රොබින්සන් 24/2, මාක් වුඩ් 115/3, ක්‍රිස් වෝක්ස් 64/2)

එංගලන්තය - පළමු ඉනිම 188 යි
(සැක් ක්‍රෝලි 18, ඩේවිඩ් මලාන් 25, ජෝ රූට් 34, ඔලී පෝප් 14, සෑම් බිලින්ග්ස් 29, ක්‍රිස් වෝක්ස් 36, මාක් වුඩ් 16, මිචෙල් ස්ටාක් 53/3, පැට් කමින්ස් 45/4)

 

- 213


අදහස් (0)

එංගලන්තය ආයෙත් අමාරුවේ වැටෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.