සංචාරක ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර තරග පහකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ නොටිංහැම්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වන අද (11) තේ විවේකය සදහා ක‍්‍රීඩාව නතර කරන විට එංගලන්ත පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 205 ක් ලබා අසීරු තත්ත්වයක පත්ව සිටියේය.
තේ විවේකය වන විට ජෝ රූට් (නොදැවී 13) සහ ස්ටුවට් බ්‍රෝඞ් (නොදැවී 1) පන්දුවට පහර දෙමින් සිටියහ. සෑම් රොබ්සන් (59) සහ ගැරී බැලන්ස් (71) දෙවැනි කඩුල්ල සදහා ලකුණු 125 ක සම්බනධතාවක් පැවැත්වුව ද දිවා විවේකයෙන් පසුව කඩුලූ 6 ක් බිද වැටීම අසීරු තත්ත්වයට පත්විය.
දිවා විවේකය වන විට එංගලන්තය එක කඩුල්ලක් දැවී ලකුණු 131 ක රැස්කර සිටියේය.
ඉන්දීය පිල පළමු ඉනිම ඕවර 161 කදී සියලූ දෙනා දැවී 457
එංගලන්තය පළමු ඉනිම ඕවර 73 කදී කඩුලූ 7 ට 205 (සෑම් රෙබ්සන් 59, බැරී බැලන්ස් 71, ඉයන් බෙල් 25, ජෝ රූට් නොදැවී 13, මුයින් අලී 14, බුවනේෂ්වර් කුමාර් 35/2, මොහොමඞ් ශාමි 58/2, ඉෂාන්ත් ශර්මා 64/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.